පානම බෝධිරුක්ඛාරාම විහාරස්ථානයට නාවික හමුදාවෙන් ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානයක්

අගෝස්තු 08, 2020

ශ්‍රී ලංකා නාවික හමුදාව, පානම පුරාණ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානයක් ස්ථාපනය කරන ලදි.

එම ප්‍රදේශයේ ජනතාව සදහා දිගු කාලයක සිට අවශ්‍යතාවයක්ව පැවති පිරිසිදු පානීය ජලය සපයා ගැනීමේ ගැටලුවට ස්ථිර පිළියමක් ලෙස  සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුග්‍රහය මත ගිණිකොණ නාවික විධානය විසින් ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය ඉදිකර ජනතාව වෙත පවරා දී ඇත.

ගිණිකොණ නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සෙනරත් විජේසුරිය විසින් ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ එම මධ්‍යස්ථානය විවෘත කරන ලදි.

නිදන්ගත වකුගඩු රෝගයෙන් පීඩා විඳින පදිංචිකරුවන්ට පමණක් නොව පානම මහා විද්‍යාලයේ සිසුන්ට පූජනීය බෝධිරුක්ඛාරාම විහාරස්ථානයට වැදපුදා ගැනීමට පැමිණෙන බැතිමතුන්ටද මෙමගින් පානීය ජලය ලබා ගැනීමට හැකිවේ.

මෙම අවස්ථාව සදහා බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ ප්‍රධාන නාහිමියන්  නාවික හමුදා නිලධාරීන්, පානම මහා විද්‍යාලයේ සිසුන්,ප්‍රදේශවාසීන් සහ බැතිමතුන් සහභාගී වූහ.