මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකාවේ 13 වන අග්‍රාමාත්‍යවරයා ලෙස යලි දිවුරුම් දෙයි

අගෝස්තු 09, 2020

 

හිටපු ජනාධිපති හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ 13 වන අග්‍රාමාත්‍යවරයා ලෙස අද පෙරවරුවේ කැලණිය රජ මහා විහාරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දුන්නේය.

දෙවරක් විධායක ජනාධිපති ධූරයට පත් වූ ඔහු සිව්වන වරටත් අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත් වූ පළමු අග්‍රාමාත්‍යවරයා ලෙස රටේ දේශපාලන ඉතිහාසයට එක්වේ.

මහා සංඝයාවහන්සේලා විසින් සිදු කල පිරිත් සජ්ජායනය   මධ්‍යයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර ඉදිරියේ ශ්‍රී ලංකාවේ 9 වන පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස ඔහු දිවුරුම් දුන්නේය.

පසුගිය බදාදා (අගෝස්තු 5) පැවති මහ මැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් වැඩිම මනාප ලබා ගත්තේය.