කොරෝනා වෛරසයෙන් සුවය ලැබූවන් 2,579 දක්වා ඉහළට

අගෝස්තු 10, 2020

මේ දක්වා කොරෝනා වෛරසයෙන් සුවය  ලබා  රෝහල්වලින්  පිටව ගිය සංඛ්‍යාව 2,579 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර, ඉරිදා (අගෝස්තු 9) නව රෝගීන් තිදෙනෙකු වාර්තා වීමත් සමඟ, කොරෝනා වෛරසය ආසාදිතයින් 2,844 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ  අනුව, සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් දෙදෙනෙකු සහ ඊයේ දින ඉන්දියාවෙන් ආපසු පැමිණි අයෙකු හට   වෛරසය අසාදිත  තිබේ.

මීට අමතරව තවත් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 254 දෙනෙකු  රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිති.