ෆේස්බුක් සාදයක දී තරුණයන් 20 දෙනෙකු අත්අඩංගුවට

අගෝස්තු 10, 2020

ඊයේ (9) සවස ෆේස්බුක් සාදයක්  වටලා  නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කළ හෝටල් හිමිකරුවෙකු සහ කාන්තාවන් පස් දෙනෙකු ඇතුළු 20 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කලුතර පොලිසිය වෙත  ලැබුණු තොරතුරකට අනුව සිදු කල මෙම වැටලීමේදී  හෙරොයින් ග්‍රෑම් 2 ක් සහ මිලිග්‍රෑම් 465 ක්, කේරළ ගංජා ග්‍රෑම් 13 ක් සහ එක්ස්ටසි පෙති 5 ක් ඔවුන් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් බණ්ඩාරගම, දෙහිවල, පානදුර , දොඩංගොඩ, යටියන, කඩුවෙල, බොරැලැස්ගමුව සහ හොරණ  ප්‍රදේශවල පදිංචිකරුවන් ලෙස හඳුනාගෙන තිබේ.

ඔවුන් අද (10) හොරණ  මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසයි.

මිල්ලනිය  පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.