හමුදා භටපිරිස් සුන්බුන් ඉවත් කරයි

අගෝස්තු 10, 2020

නුවරඑළිය,මාවුස්සාකැලේ,මොහිනි ඇල්ල ප්‍රදේශයේ ගමනාගමනයට බාධා පමුනුවමින් සිදුව  ඇති  නායයෑම්වල සුන්බුන් 19 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුලුවේ  සෙබළුන් විසින් ඉවත් කරන ලදී.

ඉරිදා උදෑසන හදිසියේ ඇති වූ නායයෑම හේතුවෙන් මාර්ගය අවහිර විය. මධ්‍යම ආරක්ෂක සේනා  මූලස්ථානය යටතේ ස්ථාපිත  11 වන සේනාංකයට අයත්   112 වන බලසේනා බලප්‍රදේශයේ ඇති 19 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුලුවේ සෙබළුන් යුහුසුළුව  මාවුස්සාකැලේ ප්‍රදේශයට ගොස් එම සුන්බුන් ඉවත් කළහ.

19 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුලුවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් කේ. එන්. ගුණවර්ධනගේ උපදෙස් පරිදි භට පිරිස් එම ප්‍රදේශයට ගොස් පැය කිහිපයක් ඇතුළත එම මාර්ගයට කඩාවැටුණු සුන්බුන් , පස්  සහ ගල් ඉවත් කර  මාර්ගයේ  ගමනාගමනයට සුදුසු වන පරිදි  යථා තත්වයට පත් කරන ලදි .