ආරක්‍ෂක අමාත්‍යංශය ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමන් යටතට

අගෝස්තු 12, 2020

•    චමල් රාජපක්‍ෂ රාජ්‍ය  අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික මඟුල් මඩුවේදී අද දින (අගෝස්තු 12) පැවති නව අමාත්‍ය  මණ්ඩලය දිවුරුම් දීමේ උත්සවයේදී ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කරන ලද අතර ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමන්ගේ විෂය පථය යටතේ ආරක්‍ෂක අමාත්‍යාංශය පවතී.

අභ්‍යන්තර ආරක්‍ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් චමල් රාජපක්‍ෂ වර්ෂ 2010 සිට 2015 දක්වා කාලය තුල 7 වන පාර්ලිමේන්තුවේ 19 වන කථානායකවරයා ලෙසද කටයුතු කර ඇත.

තවද,රාජ්‍ය අමාත්‍ය ධුරවලට අමතරව ඔහු වාරිමාර්ග කැබිනට් අමාත්‍යවරයා ලෙසද කටයුතු කරයි.

මහවැලි සංවර්ධන, කෘෂි කර්ම හා වෙළඳ කටයුතු පිළිබඳ හිටපු අමාත්‍යවරයා වූ ඔහු මීට පෙර වරාය, ගුවන් සේවා , වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යවරයා ලෙස ද කටයුතු කර ඇත.