ශ්‍රී ලංකාවේ 13 වන කොරෝනා මරණය වාර්තා වේ

සැප්තැම්බර් 14, 2020

මීට සුලු මොහොතකට පෙර හලාවත මූලික රෝහලේදී වාර්තා වූ විදෙස්ගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයකුගේ මරණයත් සමඟ ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය නිසා සිදු වූ මරණ සංඛ්‍යාව 13 දක්වා ඉහළ ගොස් තිබේ

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයට අනුව මෑතකදී බහරේන් සිට පැමිණි නාවිකයකු වූ 60 හැවිරිදි මෙම පුද්ගලයා PCR පරීක්ෂණයේදී කොරෝනා වෛරසය ආසාදිතයෙකු නොවන බව තහවුරු විය.

කෙසේ වෙතත්, නිරෝධායනයේ යෙදී සිටියදී සැප්තැම්බර් 9 වන දින ඔහු හලාවත මූලික රෝහලට ඇතුළත් කළ පසු හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇති අතර ඒ සමගම මෙරට කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව 13 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර, මේ දක්වා වාර්තා වී ඇති කොරෝනා වෛරස් රෝගීන් සංඛ්‍යාව 3235 ක් වන අතර, සුවය ලබා ඇති  මුළු රෝගීන් සංඛ්‍යාව 3005 දක්වා වැඩි වී ඇත.

රෝගීන් 217 දෙනෙකු තවදුරටත් රෝහල්හි  වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය  තහවුරු කරයි.