දුෂ්කර අවස්ථාවලදී, ශ්‍රී ලංකාව ලබාදුන් සහයෝගය පාකිස්තානයේ පැසසුමට

සැප්තැම්බර් 15, 2020

ශ්‍රී ලංකාවේ පාකිස්තාන ආරක්ෂක උපදේශක කර්නල් මුහම්මද් සෆ්දාර් ඛාන් අද (සැප්තැම්බර් 15) ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න හමුවිය.

එහිදි පාකිස්තානයට මුහුණ දීමට සිදු වූ දුෂ්කර අවස්ථාවලදී ශ්‍රී ලංකාව ලබාදුන් සහයෝගය අගය කරමින් දෙරට අතර දීර්ඝ කාලීනව පවතින ද්විපාර්ශ්වික සහයෝගීතාව කර්නල් සෆ්දාර් විසින් ඉස්මතු කළේය.

ශ්‍රී ලංකාවේ ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ වාර්ෂික සංචාර සඳහා පහසුකම් සැලසීමට පාකිස්තානයේ කැමැත්ත ද ඔහු ප්‍රකාශ කළේය.

දෙරට අතර ආරක්ෂක සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව ආරක්ෂක ලේකම් පාකිස්තාන රජයට සිය ප්‍රසාදය පල කරනු ලැබීය.

පසුගිය කාලයේදී පාකිස්තාන යුද හමුදාව විසින්  ශ්‍රී ලංකා යුද හමුදාවට ලබාදුන් සහයෝගය පිළිබඳව ද මේජර් ජෙනරාල් ගුණරත්න සිහිපත් කළේය.

තවද, ආරක්ෂක ලේකම්වරයා, කර්නල් සෆ්දාර් සමඟ ද්විපාර්ශ්වික වශයෙන් දෙරටට වැදගත් වන කරුණු රැසක් සම්බන්ධයෙන්ද  සාකච්ඡා කලේය.

මෙම අවස්ථාව සනිටුහන් කරනු වස් ආරක්ෂක ලේකම් හා කර්නල් සෆ්දාර් අතර සමරු සිහිවටන හුවමාරු කර ගැනීමක් ද සිදුවිය.