ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් ආරක්ෂක ලේකම් හමුවෙයි

මැයි 22, 2019

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් ඩේවිඩ් ජෝන් හොලි (HE Mr. David John Holly) මැතිතුමන් ඊයේ  (මැයි 21) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්එච්එස් කෝට්ටේගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩීසි මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.

මෙම හමුවේ දී ආරක්‍ෂක ලේකම්තුමන් සහ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්තුමන් අතර ද්විපාර්ශ්වික වැදගත්කමක් ඇති කරුණු පිළිබඳව සුහද සාකච්ඡාවක් පැවැත්විණි.