අතහැර දැමූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් මුල්ලිවයික්කාල් වලින් නාවික හමුදාව සොයා ගනී

සැප්තැම්බර් 16, 2020

ශ්‍රී  ලංකා නාවික හමුදාව විසින්  ඊයේ (15) දින මුලතිව් හි මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමකින්  පුපුරණ ද්‍රව්‍ය හා මෝටාර් තොගයක් සොයා ගෙන තිබේ.

මිලිමීටර් 81 මෝටාර් 7 ක්, විදුලි ඩෙටනේටරයක්, ටීඑන්ටී කිලෝ 45 ක්, සී 4 කිලෝ 5 ක්, හඳුනා නොගත් ෆියුස් 15 ක්, එක්ස්පෙලින්ග්  චාජර් (expelling chargers) 118 ක් සහ ක්ලේමෝ බෝම්බයක්, වර්ගය හඳුනාගත නොහැකි කිලෝ 08ක් බරැති බෝම්බයක කොටසක් මෙම මෙහෙයුමේදී සොයාගත් බව  නාවික හමුදාව පවසයි.

එම පුපුරණ ද්‍රව්‍ය පසුගිය මානුෂීය මෙහෙයුම පැවති සමයේ දී මෙම ප්‍රදේශයේ අතහැර දමන  ලද පුපුරණ ද්‍රව්‍ය බවට නාවික හමුදාව  සැක පල කරයි.

මෙම පුපුරණ ද්‍රව්‍ය  ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා මුලතිව් පොලිසිය වෙත භාරදීමට කටයුතු කර ඇත .