මන්නාරම් මුහුදේ කහ ජාවාරම් ප්‍රයත්නයක් නාවික හමුදාවෙන් වළකයි

සැප්තැම්බර් 17, 2020

මන්නාරමට උතුරින් රට තුළට   ප්‍රවාහනය කිරීමට උත්සාහ කරමින් සිටි ගෝනි 17 ක ඇසුරුම් කළ වියළි කහ කිලෝග්‍රෑම් 818 ක් සමඟ ඩිංගි බෝට්ටුවක් හා සැකකරුවන් දෙදෙනෙකු   ශ්‍රී  ලංකා නාවික හමුදාව විසින්  ඊයේ (සැප්තැම්බර් 16) දින අත්අඩංගුවට ගෙන තිබේ.

ජාවාරම්කරුවන් වයස අවුරුදු 26 ත් 37 ත් අතර වයසේ පසුවන මන්නාරම පල්ලෙමුනේ ප්‍රදේශයේ පදිංචිකරුවන්වේ.   අදාල සැකකරුවන් නිරෝධායන කටයුතු සඳහා තලෙයිමන්නාරම මහජන සෞඛ්‍ය පරීක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදි. නාවික හමුදා භාරයට ගත් එම කහ තොගය  ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා යාපනය රේගු කාර්යාලය වෙත භාර දෙන ලදි.

සැකකරුවන් සහ වියළි කහ තොග උතුරු මැද නාවික විධානය විසින් වෙන වෙනම සිදු කළ මෙහෙයුම් දෙකකදී  අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.

මෑතදී රට තුළට කහ ජාවාරම් වල   වර්ධනයත්  සමඟ වයඹ සහ උතුරු-මැද  නාවික විධානයන් ඒ පිලිබඳ දැඩි අවධානයෙන් පසුවන බව නාවික හමුදාව තහවුරු කරයි.