සැප්තැම්බර් 22 දක්වා බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුද රළු වේ

සැප්තැම්බර් 18, 2020

අද දින (සැප්තැම්බර් 18) සිට මධ්‍යම, ඊසානදිග සහ නැගෙනහිර බෙංගාල බොක්ක හරහා ඉතා තද සුළං, තද වැසි සහ රළු හෝ තද රළු මුහුදක් බලාපොරොත්තු විය හැකි බව මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකි නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නාවික හා ධීවර ප්‍රජාවන්ට අයහපත්  කාලගුණික තත්ත්වයන් පිළිබඳව අනතුරු අඟවයි.

සැප්තැම්බර් 20 වන දින ඊසානදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේඅඩු පීඩන කලාපයක්  ඇතිවීමට ඉඩ ඇති බව සඳහන් කරමින් සැප්තැම්බර් 19 සිට 22 දක්වා බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයට  යාමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර ප්‍රජාවන්ට උපදෙස් දෙයි.

පුත්තලම් සිට හම්බන්තොට දක්වා කොළඹ සහ ගාල්ල හරහා වෙරළබඩ මුහුදේ ස්ථාන කිහිපයක වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසයි.

මාතර සිට පොතුවිල් දක්වා හම්බන්තොට හරහා සහ ත්‍රිකුණාමලයේ සිට මීගමුව දක්වා කන්කසන්තුරෙයි හරහා වෙරළට ඔබ්බෙන් වූ ගැඹුරු හා නොගැඹුරු මුහුදේ සුළං වේගය කිලෝමීටර 60 සිට 70 දක්වා ඉහළ යා හැකි බව ද එහි සඳහන් ය.

මීගමුව සිට මාතර දක්වා දිවයිනේ දකුණු මුහුදු ප්‍රදේශයන්හි වෙරළට ඔබ්බෙන් වූ ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළං වේගය කිලෝමීටර 50 සිට 55 දක්වා ඉහළ යා හැකි බවද පවසයි.

ත්‍රිකුණාමලයේ සිට මීගමුව දක්වා උතුරු වෙරළ තීරය හා  මාතර සිට පොතුවිල්  දක්වා දකුණු වෙරළ තීරය දක්වාත් විහිදෙන මුහුද විටින් විට රළු හෝ ඉතා රළු විය හැකි බව අනතුරු අඟවයි.

කල්පිටිය සිට පොතුවිල් දක්වා වන දකුණු ප්‍රදේශයේ වන මුහුදු රළ මීටර් 2.5 ත් 3 ත් අතර උසකින් ඉහළ යා හැක.

ආරක්ෂිත ප්‍රදේශ කරා ළඟා වන ගැඹුරු මුහුදේ සිටින පිරිස් වෙත  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උපදෙස් දෙයි.