වනාන්තර විනාශය මැඩපැවැත්වීම සඳහා රාජ්‍ය අංශය, ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය සම්බන්ධ යාන්ත්‍රණයක් - ආරක්ෂක ලේකම්

ඔක්තෝම්බර් 01, 2020

වන්නි ප්‍රදේශයේ සිදුවන  නීතිවිරෝධී වන සම්පත් විනාශය පිළිබඳව කනස්සල්ල පළ කරමින් ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා කියා සිටියේ එහි බලපෑම බොහෝ දුරට වන්නි ප්‍රදේශයට පමණක් නොව සමස්ත රටටම බලපාන බවයි.
 
වන සම්පත් ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂක ලේකම්, ප්‍රාදේශීය ලේකම්වරුන්, ග්‍රාම නිලධාරීන් , ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය යන අංශවල  සහභාගීත්වයෙන් යාන්ත්‍රණයක් සකස් කළ යුතු බව ඔහු පැවසීය.
 
වවුනියා දිස්ත්‍රික් මහලේකම් කාර්යාලයේ  නව ශ්‍රවණාගාරය විවෘත කිරීමේ උත්සවයේ දී මේජර් ජෙනරාල් ගුණරත්න මහතා රාජ්‍ය නිලධාරීන් අමතමින් අද (ඔක්තෝබර් 01) දින  මේ බව ප්‍රකාශ කළේය.
 
දශකයකට පෙර වන්නි ආඥාපති  ලෙස ඔහුගේ ධුර කාලය ගැන සඳහන් කරමින් ඔහු පවසා සිටියේ “යුද්ධයෙන් පීඩාවට පත් අවතැන්වූවන් 297,000 ක් සඳහා මැණික් ෆාම් කඳවුර ඇතිකර ඔවුන්ව රැක බලා ගත්තා”.
 
“එවකට අවතැන්වූවන් සඳහා මා නිසි බලධාරියා ලෙස කටයුතු කල අතර එවකට දිස්ත්‍රික් ලේකම් සහ වර්තමාන උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් මහත්මිය ඒ සඳහා විශාල සහයෝගයක් ලබා දුන්නා”, ඔහු සිහිපත් කළේය.
 
මගේ කාර්යය වූයේ බිම් බෝම්බ ඉවත් කර,අවතැන්වූවන් සඳහා නිවාස ඉදිකිරීම සහ ඔවුන්ගේ වගාව සඳහා ඉඩම් සූදානම් කිරීම, ඔවුන් නැවත පදිංචි කිරීම මෙන්ම වැරදි මාර්ගවලට යොමු වූ  තරුණ තරුණියන් පුනරුත්ථාපනය කර එම ප්‍රදේශ වල  ජනතාවගේ ජන ජිවිතය යථා තත්ත්වයට පත් කිරීම බව  ආරක්ෂක ලේකම්වරයා පැවසීය.
 
මෙම ප්‍රදේශවල අහිංසක ඇති ජනතාවගේ අභිවෘද්ධිය උදෙසා අපගේ සේවාවන් සහයෝගයෙන් ලබා දීමට අප සැවොම එක්ව සිටි බව ඔහු පැවසීය .
 
ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ, වන්නි දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් හමුදා සහ රාජ්‍ය නිලධාරීන්ගේ සහාය ඇතිව ගැටලු සඳහා විසඳුම් ලබා දීමට  තමාට හැකි වූ බවත්, එහි ප්‍රතිලාභ ලබා ගැනීමට ඔවුන්ට හැකි වූ බවත් ය.