ආරක්ෂක ලේකම්ට පොපි මල් පළදවයි

ඔක්තෝම්බර් 05, 2020

ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) උපුල් පෙරේරා මහතා විසින් ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතාට අද (ඔක්තෝබර් 05) අමාත්‍යාංශයේ දී පොපි මලක් පැළදවීය.

අද දින අමාත්‍යාංශයට පැමිණි ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ දූත පිරිස සමඟ සුහද සාකච්ඡාවකින් අනතුරුව ආරක්ෂක ලේකම්වරයාට පොපි මල් පැළදවීය.

පොපිමල්  දිනය යනු පළමු ලෝක සංග්‍රාමයේ අවසානයෙන් පසු පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල විසින් යුද්ධයෙදී දිවි පිදූ අභීත රණවිරුවන් අනුස්මරණය සඳහා වෙන් කරන ලද දිනයකි.

ලෝක සංග්‍රාමවලදී මියගිය සෙබළුන් සිහි කරමින් ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය සෑම  වසරක් පාසා පොපි මල් දිනය සංවිධාන කරයි.