බන්ධනාගාර තදබදය අවම කිරීමට සාකච්ඡා

ඔක්තෝම්බර් 15, 2020

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය හා ආරක්ෂක ලේකම් අතර විශේෂ සාකච්ඡාවක්  පසුගියදා ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි.

මෙහිදී බන්ධනාගාරවල තදබදය අවම කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව යොදවා පල්ලන්සේන, වාරියපොල, කලුතර හා මහර බන්ධනාගාරවල නව ගොඩනැගිලි ඉදිකිරීම, මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වරදකරුවන් පුනරුත්ථාපනය සඳහා නව කඳවුරු ලෙස නවදිගන්තය හා වීරවිල යොදාගැනීම සහ බන්ධනාගාරවලට නව නිළධාරීන් බඳවා ගැනීම පිලිබඳව දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කෙරිණි.  

එමෙන්ම ආරක්ෂක ලේකම්වරයා ලෙස මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පත්වීමෙන් පසු  බන්ධනාගාර කටයුතු ක්‍රමවත් කිරීම  සඳහා ලබාදෙන  සහයෝගය රාජ්‍ය අමාත්‍යවරියගේ  පැසසුමට ලක් විය.