කොරෝනා වෛරස් තත්වය

ඔක්තෝම්බර් 15, 2020

මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලා පොකුරේ ආශ්‍රිතයින් අතරින්  වාර්තා වූ කොරොන වෛරස් ආසාදිතයින් ගණන අද (ඔක්තෝබර් 15) වන විට 1,770 දක්වා ඉහළ ගොස් තිබේ.

වසංගත රෝග විද්‍යා ඒකකයට  අනුව රටේ මුළු කොවිඩ් -19 ආසාදිත  සංඛ්‍යාව 5,219 දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ දින සිදු කළ PCR පරීක්ෂණ 9,974 ක් සමඟ දිවයිනේ මේ වන විට පරීක්ෂණ 348,909 ක්  කර ඇති අතර නිරෝධායන මධ්‍යස්ථාන 88 ක් තුළ පුද්ගලයන් 9,703 ක් නිරෝධායනයකට ලක්ව සිටින බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ට අනුව පුද්ගලයින් 52,612 ක් නිරෝධායන කාලය මේ වන විට සාර්ථකව සම්පූර්ණ කර ඇත.

විදේශයන්හි සිට ආපසු මෙරටට ගෙන්වා ගත් අය අතුරින් කොරෝනා ආසාදිත 29 දෙනෙකු  සම්පූර්ණ සුවය ලැබීමෙන් පසු අද උදෑසන රෝහලෙන් පිටව ගොස්  ඇත.