කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමේ නීති ගැසට් කෙරේ

ඔක්තෝම්බර් 16, 2020

COVID-19 පැතිරීම අවම  කිරීම සඳහා ප්‍රධාන සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට අනිවාර්ය කරන කොරෝනා  වෛරසය පැතිරීම වැළැක්වීමේ රෙගුලාසි ඇතුලත් විශේෂ ගැසට් නිවේදනයක් ඊයේ (ඔක්තෝබර් 14) මධ්‍යම රාත්‍රියේ සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කර තිබේ.

සේවා ස්ථාන සහ ව්‍යාපාරික ස්ථාන සඳහා COVID-19 වැළැක්වීමේ සහ පාලන මාර්ගෝපදේශ ද එයට ඇතුළත් ය.

මුඛ ආවරණ පැළැදීම, සමාජ දුරස්ථභාවය තබාගැනීම, ව්‍යාපාර හා සේවා ස්ථාන නඩත්තු කිරීම, සංචරණය  සීමා කිරීම්, නිරෝධායනය සහ ප්‍රවාහනය යනාදිය පිළිබඳ මාර්ගෝපදේශ ලබා දී ඇත.

නව ගැසට් පත්‍රය නිකුත් කිරීමත් සමග නීති කඩකරන පුද්ගලයින් හට දඩයක් හෝ මාස 06ක සිර දඬුවමක්  හෝ එම  දඬුවම් දෙකම ලබාදීමට මින් ඉදිරියට අධිකරණයට හැකියාව ලැබේ.