PCR පරීක්ෂණ 373,534 ක් අවසන්

ඔක්තෝම්බර් 17, 2020

වසංගත රෝග විද්‍යා ඒකකයට  අනුව ඊයේ දින වාර්තා වූ ආසාදිතයින් 110 සමඟ රටේ මුළු කොවිඩ් -19 ආසාදිත  සංඛ්‍යාව 5,354 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව,   1041 ක් මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලා සේවකයන් ලෙස  හඳුනාගෙන ඇති අතර 860 ක් වන ඔවුන්ගේ සමීපතමයන්  සමගින්  මිනුවන්ගොඩ පොකුරේ  ආසාදිතයින් සංඛ්‍යාව 1,901දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ දින සිදු කළ PCR පරීක්ෂණ 7,675  ක් සමඟ දිවයිනේ මේ වන විට පරීක්ෂණ 373,534 ක්  කර ඇති අතර නිරෝධායන මධ්‍යස්ථාන 86 ක් තුළ පුද්ගලයන් 9,415 ක් නිරෝධායනයකට ලක්ව සිටින බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

විදේශයන්හි සිට ආපසු මෙරටට ගෙන්වා ගත් අය අතුරින් කොරෝනා ආසාදිත 05 දෙනෙකු  සම්පූර්ණ සුවය ලැබීමෙන් පසු රෝහල් වලින් පිටව ගොස්  ඇත.

කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ට අනුව මේ වන විට පුද්ගලයින් 53,395 ක් නිරෝධායන කාලය සාර්ථකව සම්පූර්ණ කර ඇත.