ලෙබනනයේ ශ්‍රී ලාංකික භට පිරිස් සන්නද්ධ රථ සහ බහුකාර්ය යාන්ත්‍රික අවි පිළිබඳ අභ්‍යාසයක

ඔක්තෝම්බර් 17, 2020

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බළකාය යටතේ සේවය කරන ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදා කණ්ඩය පුරා දින පහක් පැවැති ‘Ex-Steel Storm - 2020’ වෙඩි තැබීමේ අභ්‍යාසය සඳහා සහභාගි වූහ.

ප්‍රංශය, ඉතාලිය, ස්පාඤ්ඤය, ෆින්ලන්තය, අයර්ලන්තය, ජර්මනිය, ස්ලෝවේනියාව, ඝානා, දකුණු කොරියාව, මැලේසියාව, නේපාලය, ඉන්දියාව, ඉන්දුනීසියාව, සර්බියාව, බ්‍රසීලය, බංගලාදේශය, චීනය, පෝලන්තය සහ ලෙබනනය යන රටවල සාම සාධක හමුදාවන් දඅභ්‍යාසය සඳහා සහභාගි වූහ.

ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදා නිලධාරීන් තිදෙනෙකු සහ සෙසු නිලයන් 27 දෙනෙකු සහභාගී වූ මෙම ඒකාබද්ධ අභ්‍යාසය සඳහා යාන්ත්‍රික අවි සහිතව භටපිරිස් ප්‍රවාහනය කරන සංග්‍රාමික රථ 04ක් භාවිතා කරන ලදී. එහිදී, බහුකාර්ය යාන්ත්‍රික අවි 05ක් සහ පුද්ගලික අවි 10ක් භාවිත කරමින් තනිව සහ කණ්ඩායම් වශයෙන් වෙඩි තැබීමේ අභ්‍යාස පැවැත්විණි.

ශ්‍රී ලංකා හමුදා 2004 සිට එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි  ක්‍රියාන්විත සඳහා දායක වේ.