කොරෝනා වෛරසය ආසාදිතයින් 3395 ක් සුවය ලබයි

ඔක්තෝම්බර් 18, 2020

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසන පරිදි පසුගිය පැය 24 තුළ පුද්ගලයින් 10 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර ඒ සමගින් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති මුළු කොරෝනා වෛරසය ආසාදිතයින්  ගණන  3395 ක් වේ.

වැලිකන්ද  රෝහලෙන් 04 ක්, ඉරණවිල රෝහලෙන් 01 ක්, ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් 03 ක් සහ හම්බන්තොට රෝහලෙන් 02 ක් වන ලෙස ආසාදිතයින් රෝහල්වලින් පිටව ගොස් ඇත.

ඊයේ (ඔක්තෝබර් 17) දින රෝගීන් 121 ක් වාර්තා වූ අතර, කොරෝනා වෛරසය ආසාදිතයින්  5475 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සනාථ කරයි. වෛද්‍ය ප්‍රතිකාර යටතේ සිටින රෝගීන් ගණන 1946 කි.

කොරෝනා වෛරසය ආසාදිතව ශ්‍රී ලංකාවේ මියගිය සංඛ්‍යාව 13 කි.