යුද හමුදාව පොල් පැළ 300 ක් රෝපණය කරයි

ඔක්තෝම්බර් 19, 2020

56 වන සේනාංකයේ 23 වන සංවත්සරයට සමගාමීව 56 වන සේනාංකයේ ශ්‍රී ලංකා යුද හමුදා   සේනාංක / බලඇණි වල භටයින් විසින් කොක්එළිය ප්‍රදේශයේ පොල් පැළ 300 ක් රෝපණය කරන ලදී.

පොල් සංවර්ධන මණ්ඩලය විසින් පොල් පැළ  යුද හමුදාවට පරිත්‍යාග කර ඇත.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව දියත් කරනු ලබන ‘තුරු මිතුරු - නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව  මෙම පොල් පැළ රෝපණය කිරීමේ වැඩසටහන   නිසි සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව  ක්‍රියාවට නැංවිණි.