මිනුවන්ගොඩ කොරෝනා වෛරස් පොකුර 2077 දක්වා ඉහළට

ඔක්තෝම්බර් 19, 2020

මිනුවන්ගොඩ පොකුරේ ආසාදිතයින් ගණන අද (ඔක්තෝබර් 19) වන විට 2077දක්වා ඉහළ ගොස් තිබේ. මෙයට ඇඟලුම් කම්හල් සේවකයින් 1,041 ක් සහ ආශ්‍රිතයින්   1036 ක් ඇතුළත් වන බව  කොවිඩ් -19 පැතිරීම  වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත  මධ්‍යස්ථානය පවසයි.

පසුගිය පැය 24 තුළ තවත් පුද්ගලයින් 63 දෙනෙකුට  වෛරසයට ආසාදනය වී ඇති බව තහවුරු විය. ඔවුන්ගෙන් 2 දෙනෙකු ජපානයේ සිට පැමිණි පුද්ගලයින් වන අතර 61 දෙනෙකු මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල් ආසාදිත සේවකයින්ගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගෙන ඇත.

මේ අතර, ජපානයේ නරීටා   සිට යූඑල් 455 ගුවන් යානය මගීන් 10 දෙනෙකු   පැමිණ ඇති අතර ඔවුන් සියල්ලන්ම පීසීආර් පරීක්ෂණවලින් පසුව ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යවා ඇති බව කොවිඩ් -19 පැතිරීම  වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත  මධ්‍යස්ථානය තහවුරු කළේය.