ශ්‍රී ලංකාවේ සමස්ත කොරෝනා වෛරසය ආසාදිතයින් ගනණ 7521 දක්වා ඉහළට

ඔක්තෝම්බර් 25, 2020

අද (ඔක්තෝබර් 25) දින උදෑසන වන විට මෙරටෙන් වාර්තා වන කොරෝනා  වෛරසය  ආසාදිතයින් සංඛ්‍යාව 7521 දක්වා ඉහළ ගොස් තිබේ. මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල පොකුරු වලින් වාර්තා වූ පුද්ගලයින් 3958 ක් ද මෙයට ඇතුළත් ය.

මේ අතර, පසුගිය පැය 24 තුළ කොරෝනා වෛරසය ආසාධිත වූ පුද්ගලයින් 70 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර, සුවය ලැබූ මුළු සංඛ්‍යාව 3714 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය (EU) තහවුරු කරයි.

කොරෝනා  වෛරසය  ආසාදිතයින් 3792 ක් රෝහල්වල වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින අතර ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 15 කි.