තවත් නගර කිහිපයකට නිරෝධායන ඇඳිරි නීතිය

ඔක්තෝම්බර් 25, 2020
  • ගම්පහ දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය භාණ්ඩ වෙළඳසැල්  හා ඔසුහල්  විවෘත වේ

කොළඹ කොටුව, පිටකොටුව, බොරැල්ල සහ වැලිකඩ පොලිස් බලප්‍රදේශවලට අද (ඔක්තෝබර් 25) දින පස්වරු 6 සිට නැවත  දැනුම් දෙන තුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති බව  රජයේ තොරතුරු දෙපාර්තමේන්තුව පවසයි.

කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ, ගම්පහ  දිස්ත්‍රික්කයේ සියලුම බැංකු ශාඛා හෙට (26) විවෘතව තබන බවත්, එම කටයුතු වලට පැමිණීම සඳහා අදාළ බැංකු සේවකයින්ට ඔවුන්ගේ සේවා හැඳුනුම්පත් ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස  භාවිතා කිරීමට අවසර ඇති බවත්ය.

තවද, ගම්පහ දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය භාණ්ඩ වෙළඳසැල්  හා ඔසුහල්  හෙට (26)  උදේ 8.00 සිට රාත්‍රී 10.00 දක්වා විවෘතව තබන බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.