රටේ ප්‍රදේශ කිහිපයකට වැසි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

ඔක්තෝම්බර් 26, 2020

උතුරු - මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වල සහ මුලතිව්, වවුනියාව සහ මාතලේ දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක ප.ව. 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

මෙම ප්‍රදේශවල සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට මිලි මීටර 50 ට වඩා තරමක් වැඩි වැසි වැටීමක් අපේක්ෂා කළ හැකි බව එහි තවදුරටත් සඳහන් වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට තද සුළං සහ අකුණු මඟින් සිදුවන හානිය අවම කිරීම සඳහා ප්‍රමාණවත් පියවර ගන්නා ලෙස සාමාන්‍ය ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වල ස්ථාන කිහිපයක සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල මද වැසි ඇතිවිය හැකිය.

මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා විහිදෙන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි අතර, ඉදිරි පැය 24 තුළ සවස් වරුවේ හෝ රාත්‍රියේ කන්කසන්තුරේ සිට මඩකලපුව දක්වා ත්‍රිකුණාමලය හරහා මුහුදු ප්‍රදේශවල ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.