මිනුවන්ගොඩ ඇඟලුම් පොකුරෙන් 130 දෙනෙකු සම්පූර්ණයෙන් සුවය ලබයි - කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය

ඔක්තෝම්බර් 28, 2020

මිනුවන්ගොඩ ඇඟලුම් සේවකයින්ගේ ආශ්‍රිතයින් 130 දෙනෙකු ඔක්තෝබර් 27 වන විට සම්පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

පුද්ගලයන් 57,814 දෙනෙකු නිරෝධායනය සම්පූර්ණ කර නිවාස වෙත ගොස් ඇති අතර, ඊයේ (ඔක්තෝබර් 27) වන විට ත්‍රිවිධ හමුදා නිරෝධායන මධ්‍යස්ථාන 75 ක පුද්ගලයන් 8,090 ක් නිරෝධායනයෙහි යෙදී සිටින බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයට අනුව, කොරෝනා වෛරසයෙන් සුවය ලැබූ මුළු ප්‍රමාණය 4043 දක්වා ඉහළ ගොස් ඇති අතර, පුද්ගලයින් 4808 දෙනෙකු තවමත් රෝහල්වල වෛද්‍ය ප්‍රතිකාර ලබති.

මේ අතර, කොරෝනා ආසාදිතයින් 8870 දෙනෙකු ශ්‍රී ලංකාව තුළ වාර්තා වී ඇති අතර, එම ආසාධිතයින් අතරින් ශ්‍රී ලංකාවේ මියගිය සංඛ්‍යාව 19 දක්වා ඉහළ ගොස් තිබේ.