අනවශ්‍ය ලෙස කලබල වී භාණ්ඩ මිලට ගැනීම සහ තොග ගබඩා කිරීමට අවශ්‍ය නැත - යුද හමුදාපති

ඔක්තෝම්බර් 29, 2020

අනවශ්‍ය ලෙස කලබල වී භාණ්ඩ මිලට ගැනීම සහ තොග වශයෙන් ගබඩා කිරීමෙන් වළකින ලෙසත් තවදුරටත් වෛරස් පැතිරීම වළක්වා ගැනීම සඳහා එක් රැස්වීමෙන් වළකින ලෙසත්, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඊයේ සවස (28) කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ  දී (NOCPCO) මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

අද (ඔක්තෝබර් 29) මධ්‍යම රාත්‍රී 12 සිට නොවැම්බර් 2 දින අලුයම 5.00 දක්වා බස්නාහිර පළාත තුළ පනවා ඇති ඇඳිරි නීතිය ගැන සිහිපත් කරමින් ඔහු මෙම අදහස් ප්‍රකාශ කළේය.

බස්නාහිර පළාතේ ඇඳිරි නීතිය තාවකාලික පියවරක් බවත් එම නිසා පළාතෙන් පිටවීමෙන් වැළකිය යුතු බවත් ඔහු අවධාරණය කළේය.

දැනටමත් ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවලට සඳුදාට (නොවැම්බර් 2) පසුවත් ඇඳිරි නීතිය එලෙසම පවතින බව යුද හමුදාපතිවරයා අවධාරණය කළේය.

ඇඳිරි නීතිය කාලය තුළ බස්නාහිර පළාතේ අත්‍යවශ්‍ය සේවාවල නියුතු පුද්ගලයින්ට ඔවුන්ගේ රාජකාරි සඳහා ගමන් කිරීමට අවසර ඇති බව ඔහු පැවසීය.

.