ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයින් රුධිරය පරිත්‍යාග කරයි

ඔක්තෝම්බර් 29, 2020

හිඟුරක්ගොඩ කඳවුරට අනුයුක්ත ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 109 දෙනෙකු ඊයේ (ඔක්තෝබර් 28) පොලොන්නරුව දිස්ත්‍රික් මහ රෝහලට රුධිරය පරිත්‍යාග කළහ.

වර්තමානයේ ඇතිව තිබෙන තත්ත්වය තුළ රුධිර ඉල්ලුම සපුරාලීම සඳහා වූ මෙම රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහන ගුවන් හමුදා කඳවුරේදී පවත්වන ලදී.