වැලිකන්ද මහජනතාව සඳහා මුහුණු ආවරණ සහ දැනුවත් කිරීමේ වැඩසටහනක්

ඔක්තෝම්බර් 29, 2020

යුද්ධ හමුදාවේ 231 බලසේනාවේ භට පිරිස් පසුගිය දිනෙක වැලිකන්ද ප්‍රදේශයේ සිවිල් වැසියන් සහ ප්‍රජා නායකයින් අතරේ මුහුණු ආවරණ තොගයක් බෙදා දුන් අතර COVID-19 පැතිරීම වැළැක්වීම සඳහා වන පූර්ව පියවරක් ලෙස එහි භාවිතයේ වැදගත්කම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමද සිදු කළහ.

මෙම මුහුණු ආවරණ බෙදාදීමේ ප්‍රජා ව්‍යාපෘතිය 231 බලසේනාධිපති කර්නල් ප්‍රගීත් ගමගේගේ  අධීක්ෂණය යටතේ සිදුකරන ලදී.

පොලීසිය, ප්‍රජා සම්පත් බලමුලු ගැන්වීමේ සංගමය, සිංහ සමාජය සහ සිවිල් බලධාරීන් මෙම වැඩසටහනට සහයෝගය දැක්වීය.

නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් චින්තක ගමගේ සහ 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ධම්මික ජයසුන්දර ව්‍යාපෘතිය අධීක්ෂණය කරන ලදි.