විශ්‍රාම යන ගුවන් හමුදාධිපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ඔක්තෝම්බර් 29, 2020

සේවයෙන් විශ්‍රාම යන ගුවන් හමුදාපති එයාර් මාෂල් සුමංගල ඩයස් මහතා අද (ඔක්තෝබර් 29) ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා හමුවිය.

ඔහු ගුවන් හමුදාවේ වසර 36 ක විශිෂ්ඨ  සේවා කාලයක්   සම්පූර්ණ කිරීමෙන් පසු සක්‍රීය සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිතය.

ඔහු 17 වන ගුවන් හමුදාපතිවරයා  ලෙස 2019 මැයි 29 දින පත් කරන ලදී.

මෙම සුහද හමුවේදී ආරක්‍ෂක ලේකම් තුමන්, විශ්‍රාම යන ගුවන් හමුදාපතිවරයාගේ සේවය පැසසුමට ලක් කළ අතර ඔහුගේ ඉදිරි කටයුතු සඳහා සුබ පැතුම් එක් කළේය.

මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා සිහිවටන හුවමාරු කර ගන්නා ලදි.