බස්නාහිර පළාතේ රාජ්‍ය අංශයේ සේවකයින්ට ‘නිවසේ සිට වැඩ කිරීමට’ රජය පහසුකම් සපයයි

ඔක්තෝම්බර් 30, 2020

සීමාවන් පනවා ඇති ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල හා විශේෂයෙන් කොළඹ ප්‍රදේශයේ සේවා කටයුතු වල යෙදෙන රාජ්‍ය සේවකයින්ට යළිත් ‘නිවසේ සිට වැඩ කිරීමට’ යොමුකරන ලෙස මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ (ඔක්තෝබර් 29) දින පැවසීය.

මේ දිස්ත්‍රික්ක සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් අවධානම් කලාප ලෙස නම් කර ඇති ප්‍රදේශ හැර සෙසු දිස්ත්‍රික්කවල පිහිටා ඇති රාජ්‍ය ආයතන දැඩි සෞඛ්‍ය නීති රීති යටතේ සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යායුතු බව තවදුරටත් සඳහන් වේ.

රජයේ චක්‍රලේඛයක් මගින්  නිකුත් කර ඇති උපදෙස් අනුව 2020 අප්‍රේල් සහ මැයි මාසවලදී COVID-19 හි බලපෑමට ලක්වූ ප්‍රදේශවල රජයේ සේවකයින් සඳහා ‘නිවසේ  සිට වැඩ කිරිමේ’ ක්‍රමය ක්‍රියාත්මක කරන ලදි.

ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රකාශයට අනුව, කොවිඩ් -19 පැතිරීම පාලනය කිරීම සඳහා “නිවසේ සිට වැඩ කිරිමේ” ක්‍රමය නැවත ක්‍රියාත්මක කරන ලදි.