මෙරටින් නික්ම යන ඉන්දීය සහකාර ආරක්‍ෂක උපදේශක ආරක්‍ෂක ලේකම් හමුවෙයි

නොවැම්බර් 10, 2020

මෙරටින් නික්ම යන ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් රවී ශෙඛර් මිශ්‍රා මහතා අද (නොවැම්බර් 10) ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා හමුවී තම සමුගැනීම සටහන් කළේය.

ලුතිනන් කර්නල් මිශ්‍රා මහතා ශ්‍රී ලංකාවේ සේවය කල කාලය තුළ ආරක්‍ෂක අමාත්‍යාංශය හා ත්‍රිවිධ හමුදාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම පිළිබඳව ආරක්‍ෂක ලේකම්වරයා  සිය කෘතඥතාව පළ කළේය.

මෙම හමුවීම සංකේතවත් කරමින් සිහිවටන හුවමාරු කර ගත් අතර, ආරක්‍ෂක ලේකම්වරයා ලුතිනන් කර්නල් මිශ්‍රා මහතාගේ ඉදිරි බලාපොරොත්තු සඳහා උණුසුම් සුබ පැතුම් එක් කළේය.