‘දීඝවාපිය ස්ථූප’ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය අරඹයි.

නොවැම්බර් 11, 2020

  • ‘මුහුදු මහා විහාරය’ ආරක්ෂා කරන බවට ආරක්ෂක ලේකම්වරයාගෙන් ප්‍රතිඥා.

අග්‍රාමාත්‍ය සහ බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ගරු මහින්ද රාජපක්‍ෂ මහතා විසින් අද (නොවැ. 11) අම්පාර, දීඝවාපිය පරිශ්‍රයේදී ‘දීඝවාපි ස්ථූප’ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියට සමාරම්භක මුල්ගල් තැබීය.

දීඝවාපිය විහාරාධිපති මහඔය සෝභිත නාහිමියන්ගේ මඟ පෙන්වීම යටතේ ‘දීඝවාපි ස්ථූප’ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සිදුකෙරේ.

නැගෙනහිර පළාත් ‘පුරාවිද්‍යා උරුම කළමනාකරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ’ සභාපති ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා මෙම අවස්ථාවට සහභාගී විය.

උත්සව අවස්ථාව සංකේතවත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය රාජපක්‍ෂ මහතා කීර්තිමත් බෞද්ධ පුද භූමියේ ‘නා’ පැළයක් රෝපණය කළේය.

“ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහයෝගය ඇතිව ප්‍රතිසංස්කරණ කටයුතු අඛණ්ඩව සිදුකරන බව ආරක්‍ෂක ලේකම්වරයා පැවසීය.

මෙම දැවැන්ත කාර්යය සඳහා තාක්‍ෂණික උපදෙස් සහ පුරාවිද්‍යාත්මක නිර්දේශයන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රවීණ පුරාවිද්‍යාඥයින් සහ පුරාවිද්‍යා දෙපාර්තුමේන්තු වෘත්තිකයන් විසින් සපයනු ලැබේ.

ඒ අනුව ‘දීඝවාපි භාරකාර අරමුදල’ වෙත බැර කරන මුදල් මෙම ක්‍රියාවලිය සඳහා යොදා ගන්නා අතර, ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය නිම කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි සිටින අනුග්‍රාහකයින් සහ බැතිමතුන් හරහා අරමුදල් රැස්කිරීමට අපේක්ෂා කෙරේ. මේ සඳහා රාජ්‍ය අරමුදල් භාවිතා නොකෙරේ.

පූජනීය සොලොස්මස්ථාන  ආගමික ස්ථාන අතුරින්  ‘දීඝවාපිය’ පුජනීය පුදබිම ප්‍රචලිත ස්ථානක් වන අතර ඒ කෙරෙහි අවධානය යොමු නොවීම නිසා එය ඉතා අබලන් තත්වයට පත් විය.

මහඔය සෝභිත හිමියන් විසින් එහි ඉතා අබලන් තත්වය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ අවධානයට ලක්වීමෙන් පසුව ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ආරම්භය විය.

මෑත අතීතයේදී දීඝවාපී ස්ථූපය ප්‍රතිසංස්කරණය කිරීමට ගත් උත්සාහයන් ද අතරමගදී නතර විය.

කෙසේ වෙතත්, මෙම පුරාණ විහාර භූමිය ප්‍රතිසංස්කරණය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂගේ උපදෙස් පරිදි වසර තුනක් ඇතුළත අවසන් සිදුකිරීමට නියමිතය.

මහාවංශයට අනුව, දීඝවාපිය බෞද්ධ විහාරස්ථානය සහ ක්‍රි.පූ. 3 වන සියවස දක්වා දිවෙන පුරාවිද්‍යාත්මක වැදගත්කමක් ඇති මෙම භූමිය සද්ධාතිස්ස රජු විසින් ඉදිකරන ලද්දකි.

මෙම මහා ස්තූපය ඉදිකර ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ උතුම් ‘ධාතුන්’ වහන්සේලා තැන්පත් කිරීමෙන් බව කියැවේ.

මහාවංශයට අනුව, බුදුන් වහන්සේගේ පැමිණීම හා බැඳී ඇති වැදගත්කම නිසා මෙම සුප්‍රසිද්ධ පූජනීය ස්ථානය ප්‍රදේශවාසීන්ට ලාංකිකයන්ට පමණක් නොව ලොව පුරා සිටින ආගමික බැතිමතුන්ට ද ඉතා වැදගත් පූජනීය ස්ථානක් වේ.

පසුව අග්‍රාමාත්‍ය රාජපක්‍ෂ මහතා සහ පුරාවිද්‍යා උරුම කළමනාකරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ  නිලධාරීන් සමඟ පූජනීය ස්ථාන හා සම්බන්ධ කරුණු සාකච්ඡා කිරීම සඳහා ආරක්ෂක ලේකම්ගේ ඉල්ලීම පරිදි ‘මුහුදු මහා විහාරය’ වෙත පැමිණෙන ලදී.

එහිදී මුහුදු මහා විහාරයේ පුරාවිද්‍යාත්මක වටිනාකම ආරක්‍ෂා කිරීමටද ආරක්ෂක ලේකම්වරයා ප්‍රතිඥා දෙන ලදී.

මෙම සංචාරයේදී මහා සංඝ රත්නය සමගින් කළ සාකච්ඡාවක් ගැන සදහන් කරමින් මේජර් ජෙනරාල් ගුණරත්න මහතා පැවසුවේ  මුහුදු මහා විහාරයේ ඉඩම් සමීක්ෂණයට අදාළ ගැටළු ගැන ප්‍රාදේශීය ප්‍රජාව සමඟ ද සාකච්ඡා කිරීමට සැලසුම් කරන බවයි.

දීඝවාපී විහාරාධිපති  පූජ්‍ය මහඔය සෝභිත හිමියන් ඇතුළු මහා සංඝ රත්නය, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, වනජීවී සම්පත් රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක, ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකක සභාපතිනි  චිත්‍රානි ගුණරත්න, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආනන්ද පීරිස්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසනායක, ගිණිකොනදිග නාවික අණදෙන නිලධාරී රියර් අද්මිරාල් ජයන්ත ගමගේ, දිස්ත්‍රික් ලේකම්, ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, ආරක්ෂක හමුදා සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද මෙම අවස්ථාවට සහභාගී විය.