රුසියානු ආරක්ෂක උපදේශකවරයා ආරක්ෂක ලේකම් හමුවෙයි

නොවැම්බර් 13, 2020

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක  කර්නල් ඩෙනිස් අයි. ෂ්කෝඩා අද (නොවැම්බර් 13) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා හමුවිය.

ආරක්ෂක ලේකම් සහ කර්නල් ෂ්කෝඩා අතර පැවති සුහද සාකච්ඡාවේදී ද්විපාර්ශ්විකව වැදගත්  කරුණු පිළිබඳව සාකච්ඡා කෙරිණි.

මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා ආරක්ෂක ලේකම්වරයා විසින්  කර්නල් ෂ්කෝඩා වෙත සිහිවටනයක් පිරිනැමීය.