ඊයේ (18) දිනට කොරෝනා අසාදිතයින් 327 ක්

නොවැම්බර් 19, 2020

ඊයේ (නොවැ. 18) දින හඳුනාගෙන ඇති කොරෝනා අසාදිතයින්  327 ක් සමඟ දිවයිනේ කොරෝනා  ආසාදිතයින්ගේ සංඛ්‍යාව 18,402 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

මිනුවන්ගොඩ හා පෑලියගොඩ මාළු වෙළෙඳපොළ පොකුර තුළ තහවුරු වූ ආසාදිතයින් සංඛ්‍යාව 14,889 ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය අද (19) දින තහවුරු කරයි.

බදාදා දින   PCR පරීක්ෂණ 11,105 ක් සිදුකර ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

පසුගිය පැය 24 තුළ කොරෝනා මරණ 3 ක් වාර්තා වූ අතර, එම මරණ කොළඹ 12, කොළඹ  13 සහ කඳානෙන් වාර්තා විය.

වසංගත රෝග විද්‍යා ඒකකයට අනුව රටේ මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 69 ක් වේ.

අද වන විට ත්‍රිවිධ හමුදාව විසින්  කළමණාකරනය වන  නිරෝධායන මධ්‍යස්ථාන 33 ක පුද්ගලයින් 3,419 ක් හුදෙකලා වී ඇති බව NOCPCO පවසයි.