ජාතිය ගොඩනැගීමේ කාර්යයන් සඳහා යුද හමුදාවේ නව ඒකකයක් ස්ථාපිත කෙරේ

නොවැම්බර් 19, 2020

බහුවිධ හා බහුමුහුණුවර ඒකකයක් වන ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු  බලකායට  ඊයේ (18) දින බලසේනා තුනකින් සමන්විත නවතම පළමු යුද හමුදා ඉංජිනේරු අංශය එක්විය.

නව ඒකකයේ  කර්තව්‍යයන් අතරට ජාතිය ගොඩනැගීමේ ඉංජිනේරු කාර්යයන් සම්බන්ධීකරණය, භාර ගැනීම, බෙදා හැරීම සහ ක්‍රියාත්මක කිරීම, සිවිල්-හමුදා පැවරුම්, බිම්බෝම්බ ඉවත් කිරීම  සහ රසායනික ජීව විද්‍යාත්මක විකිරණ හා න්‍යෂ්ටික කාර්යයන්, හදිසි ආපදා කළමනාකරණ කාර්යභාරයන් සහ යුද හමුදාපතිවරයා ලබා දෙන කාර්යයන් ඇතුළත් වේ.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති සහ කොවීඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සමාරම්භක අවස්ථාවට සහභාගී වූ අතර නව ඒකකයේ මූලස්ථානය සඳහා  ගොඩනැගිලි සංකීර්ණයක් මත්තේගොඩ ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීය.

නව ඉංජිනේරු අංශයේ නිල සමාරම්භක උත්සවය සංකේතවත් කරමින් යුද හමුදාපතිවරයා   නියෝගවලට   අත්සන් තැබීය.

2020 ඔක්තෝබර් 28 දින සිට බලපැවැත්වෙන පරිදි මෙම නව ඉංජිනේරු අංශයේ අණදෙන නිලධාරී ලෙස මේජර් ජෙනරාල් චන්දන විජේසුන්දර මහතා පත් කර තිබේ.

ඔහු අලුතින් ඉදිකරන ලද බැඩ්මින්ටන් පිටිය සහ අංගසම්පූර්ණ ව්‍යායාම ශාලාව විවෘත කළ අතර පසුව යුද රසායනික රසායනික විකිරණ හා න්‍යෂ්ටික ප්‍රතිචාර බලඝණයේ සාමාජිකයින් විසින් රසායනික තර්ජන, පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රිය කිරීම පිලිබඳ ඕනෑම අවස්ථාවක ඔවුන්ගේ සූදානම යුද හමුදාපතිවරයගේ නිරීක්ෂණයට ලක් විය.

“අපගේ මුදල් විදේශයන් වෙත ගලා යාම නවතා, ඒ වෙනුවට ජනාධිපතිතුමාගේ ආශිර්වාදය ඇතිව උසස් තාක්‍ෂණයෙන් යුත් නවීන යන්ත්‍රෝපකරණ ලබා ගනිමින්  ඵලදායී  ප්‍රතිඵල ලබා දිය යුතුයි”, අවම පිරිවැය, උසස් ප්‍රමිතීන් සහ නාස්තියකින් තොරව යුධ හමුදාව විසින් ගොඩනඟන ලද ව්‍යාපෘති කිහිපයක් සිහිපත් කරමින් යුද හමුදා ප්‍රධානියා උත්සවයේ දී එලෙස පැවසීය.

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ අධිපති සහ මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන, නියෝජ්‍ය මාණ්ඩලික නිලධිරී, ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක, බටහිර ආරක්ෂක සේනා අඥාපති  , ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු, ඇතුළු ජ්‍යෙෂ්ඨ  නිලධාරීන් සහ අනෙකුත් නිලයන් මෙම අවස්ථාවට සහභාගී වූහ.