නාවික හමුදාව සහ පොලිසිය විසින් නීති විරෝධී මත්ද්‍රව්‍ය වැටලීමක්

නොවැම්බර් 19, 2020

ශ්‍රී ලංකා නාවික හමුදාවේ උතුරු මැද නාවික විධානය මගින් නොවැම්බර් 18 වන දින මන්නාරම පොලීසිය හා එක්ව මන්නාරම, කරිසාල් ප්‍රදේශයේ සිදුකල මෙහෙයුමකදී විකිණීම සඳහා සූදානම් කර තිබූ අයිස් (Crystal Methamphetamine) මත්ද්‍රව්‍ය ග්‍රෑම් 49 මිලි ග්‍රෑම් 490ක පමණ ප්‍රමාණයක් සහ හෙරොයින් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 440ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

තවද, නොවැම්බර් මස 16 වන දින ඉරුක්කුලම්පිඩ්ඩි ප්‍රදේශයේ සිදුකල තවත් මෙහෙයුමකදී  ප්ලාස්ටික් බෝතල් දෙකක් (02) තුල සඟවා තිබූ කේරළ ගංජා කිලෝ 01 ග්‍රෑම් 941ක පමණ ප්‍රමාණයක්ද සොයාගැනීමට හැකිව ඇත.

තවද, නැගෙනහිර නාවික විධානය මගින් සර්ධාපුර විශේෂ කාර්ය බලකායේ සාමාජිකයින් හා එක්ව නොවමැබර් මස 10 වන දින කල මෙහෙයුමකදී විකිණීම සඳහා සූදානම් කර තිබූ කේරළ ගංජා ග්‍රෑම් 500ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගැනීමට සමත්වූ අතර, නොවමැබර් මස 14 වන දින ත්‍රිකුණාමලය, සිරිමාපුර ප්‍රදේශයේ   තවත් කේරළ ගංජා ග්‍රෑම් 100ක පමණ ප්‍රමාණයක් සමඟ එක්   සැකකරුවකුද අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

ඉදිරි ක්‍රියාමාර්ග සඳහා සැකකරුවන් අදාළ නීති බලධාරීන් වෙත භාර දී ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව  පවසයි.