ආරක්‍ෂක ලේකම් සිය ධූරයේ පළමු වසර අද (නොවැම්බර් 20) දින සපුරයි

නොවැම්බර් 20, 2020

ඩිලාන් ජයතිලක විසිනි

  • අභියෝගාත්මක කඩඉම් පිරි වසරක්

ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඩී.එච්. කමල් ගුණරත්න මහතා 2019 නොවැම්බර් 20 වන දින ආරක්‍ෂක ලේකම් ධුරයට පත්වීමෙන් පසු අද දින  සිය පළමු වසර සම්පූර්ණ කරයි.

හිටපු ආරක්‍ෂක ලේකම් ලෙස කටයුතු කළ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා  ඔහුගේ හැකියාවන්, ධෛර්යය, කැපවීම සහ පූර්ණ වෘත්තීයභාවය කෙරෙහි විශ්වාසය තබා සහ වගකීම් දරණ ඕනෑම තනතුරක  වැඩ  කරන ක්‍රියාපටිපාටිය  රටේ ආරක්‍ෂක අංශයේ ඉහළම තනතුර වන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් තනතුරට මේජර් ජෙනරාල් ගුණරත්න මහතා පත් කළේය.

මේ අනුව, මේජර් ජෙනරාල් ගුණරත්න මහතා වසර 35 ක් පුරා කීර්තිමත් හා නොකැළැල් වෘත්තිමය  සාර්ථකව හමුදා සේවය නිම කිරීමත්, විවිධ ප්‍රධාන තනතුරු හෙබවීමත් , ආරක්‍ෂක අංශ හා සිවිල් ආයතන  සම්බන්ධීකරණයේ විශාල පරාසයක අත්දැකීම් හේතුවෙන් 2019 නොවැම්බර් 20 වන දින ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත්විය.

එල්ටීටීඊයේ කුරිරු ත්‍රස්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් තුරන් කිරීම සඳහා සුවිශේෂී දායකත්වයක් ලබාදී ඇති ඔහු ගජබා රෙජිමේන්තු රණශූරයෙකි. ඔහු ජයග්‍රාහී 53 වන සේනාංකය සාර්ථකව මෙහෙයවූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස එල්ටීටීඊ නායක වේලුපිල්ලෙයි ප්‍රභාකරන් මෙන්ම සූසෙයි, පොට්ටු අම්මාන්, බානූ, තීපන්, ජෙයම්, ලෝරන්ස්, චාල්ස් ඇන්තනි, රත්නම් මාස්ටර් ඇතුළු බොහෝ පෙරටුගාමී ජ්‍යෙෂ්ඨ  සාමාජිකයින්ගේ අවසානය ද විය.

මුළු රටේම ආගමික අන්තවාදය, මත්ද්‍රව්‍ය ජාවාරම, පාතාල ක්‍රියාකාරකම්, සංවිධානාත්මක අපරාධ සහ කප්පම් ගැනීම් බහුල  තීරණාත්මක හා අනාරක්‍ෂිත  අවධියක ඔහු දිවයිනේ වඩා අභියෝගාත්මක තනතුරක් භාර ගත්තේය. බුද්ධි අංශ හා ත්‍රිවිධ හමුදා දුර්වල වීම හේතුවෙන් ජාතික ආරක්‍ෂාව අඩපණ වී තිබුණි. ඓතිහාසික පූජනීය ස්ථාන සහ පුරාවිද්‍යාත්මක වැදගත්කම එම කාලය තුළ අන්තවාදීන් විසින් අල්ලා ගන්නා ලදි.

ආරක්‍ෂක ලේකම් ලෙස මූලික අරමුණු මුදුන්පත්  කරමින් ඔහු දිවයිනෙන් මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමට  අපේක්‍ෂා කළ පරිදි නීති විරෝධී මත්ද්‍රව්‍ය වලට එරෙහි සටන ඇරැඹිය. මුහුදේ සහ ගොඩබිමෙහි විශාල මත්ද්‍රව්‍ය තොගයක් රාජසන්තක කිරීමට සහ වසර පුරා විවිධ පරාස  ඔස්සේ කරගෙන යන ලද  නීති විරෝධී ජාවාරමට සම්බන්ධ බොහෝ දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමත් වීම නිසා එය යහපත් ප්‍රතිඵල ලබා ගත්තේය.

2019 දෙසැම්බර් 06 වන දින ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) සභාපතිවරයා ලෙස ද ආරක්‍ෂක ලේකම්වරයා වැඩ භාර ගත්තේය.

2020 ජනවාරි 12 වන දින ජාතික ආරක්‍ෂාව සහ මහජන සාමය සහතික කිරීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක වන විශේෂ මෙහෙයුම් ඒකකයක් පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථානයේ ස්ථාපිත කරන ලදි. ජාතික ආරක්‍ෂාව ශක්තිමත් කිරීම සහ රටේ නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා ආරක්‍ෂක ලේකම්ගේ නියෝගය අනුව මෙම විශේෂ මෙහෙයුම් ඒකකය පිහිටුවන ලදි.

බුද්ධි අංශ සේවාවන් වැඩිදියුණු කිරීම, එහි විශාල ජාලය වෙනත් රේඛීය ආයතන සමඟ ඒකාබද්ධ කිරීම, දිවයින තුළ සහ අවට මත්ද්‍රව්‍ය වළල්ල අක්‍රීය කිරීම සඳහා ආරක්‍ෂක ලේකම් විසින් අනුගමනය කරන ලද සාර්ථක ක්‍රමවේදයන්ගේ තවත් එක් පැතිකඩකි.

ඒ අනුව, ඔහුගේ මඟ පෙන්වීම යටතේ, ත්‍රිවිධ හමුදාව, එස්ටීඑෆ්, පොලිස්, සුරාබදු සහ රේගු දෙපාර්තමේන්තු සහ අනෙකුත් අදාළ රාජ්‍ය ආයතනවල මත්ද්‍රව්‍ය විරෝධී ඒකාබද්ධ ප්‍රයත්නයන් ඔහුගේ වසරක සේවා කාලය තුළ පැහැදිලි සහ වටිනා ප්‍රතිඵල ගෙන දී තිබේ.
 
මුහුදේදී මෙතෙක් අත්අඩංගුවට ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය වන අයිස් මත්ද්‍රව්‍ය (crystal methamphetamine) කිලෝග්‍රෑම් 605 ක්, කෙටමයින් (Ketamine) කිලෝග්‍රෑම් 579 ක් පමණ 2020 මාර්තු 28 වන දින දිවයිනේ දකුණු වෙරළට නාවික සැතපුම් 463 ක් පමණ දුරකදී අත්අඩංගුවට ගනු ලැබුවේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසිනි. දින 25 ක් පුරා පැවති ඒකාබද්ධ මෙහෙයුමකදී විදේශීය ධීවර යාත්‍රා තුනක ගබඩා කර තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 400 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය (crystal methamphetamine) කිලෝග්‍රෑම් 100 ක් ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය සමඟ එක්ව 2020 මාර්තු 05 වන දින අත්අඩංගුවට ගැනුණි.

ඒ හැරුණු විට ශ්‍රී ලංකාවේ වෙරළට නාවික සැතපුම් 548 ක් පමණ ඈතින් පිහිටි මුහුදේ අනන්‍යතාව රහිත නෞකාවක් අල්ලා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාවට හැකි වූ අතර එම විදේශීය යාත්‍රාවේ හෙරොයින් කිලෝග්‍රෑම් 260 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 56 ක් සොයා ගැනීම වැනි සිදුවීම් මත්ද්‍රව්‍ය මැඩලීමේ සටනේ වැදගත් සන්ධිස්ථානයන් වේ.

මේජර් ජෙනරාල් ගුණරත්න මත්ද්‍රව්‍ය වළල්ලේ තවත් මාවතකට පිවිස, පාතාලය හා එහි ක්‍රියාකාරකම් සමඟ සටන් කිරීම ආරම්භ කළ අතර කුප්‍රකට මත්ද්‍රව්‍ය රජවරුන් නීතිය ඉදිරියට ගෙන එනු ලැබීය.

පසුව, ආරක්‍ෂක ලේකම් ඍජුව මැදිහත් වී සිර මැදිරි තුළ ක්‍රියාත්මකව තිබූ  මත්ද්‍රව්‍ය හා අපරාධ ජාලය මර්දනය කිරීමට කඩිනම් පියවර ගත්තේය. දරුණු ගණයේ සිරකරුවන් සිරගත කිරීම සඳහා බූස්ස  බන්ධනාගාරය උපරිම රැකවල් සහිත බන්ධනාගාරයක් බවට පත්කිරීමට ඔහු දායක විය.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේ පහසුකම් වැඩි කිරීම සඳහා ගත් ක්‍රියාමාර්ග පිටුපස ඔහු සිටි අතර, එම ක්‍රියාමාර්ග හේතුවෙන් නිට්ටඹුවේ  මත්ද්‍රව්‍ය රැඳවියන් දහසකට වැඩි පිරිසකට නවාතැන් ගැනීමට හැකි  විශේෂ මධ්‍යස්ථානයක් ඉදිවෙමින් පවතී. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් නැවත සමාජ ගත කිරීම සඳහා ඔහුගේ දූරදර්ශී පියවර යටතේ වීරවිල හි රැඳවියන් 2,000 ක් පුනරුත්තාපනය කිරීම සඳහා තවත් පහසුකමක් ඉදිකරනු ඇත.

දිවයිනේ ඇතිව තිබෙන කොවිඩ්   වසංගතය හමුවේ  රටේ ජනගහනය ආරක්‍ෂා කිරීම සඳහා කොරෝනා වෛරසයට  එරෙහි සටනේ දේශයේ මුරදේවතාවන් ලෙස සැලකිය යුතු කාර්යභාරයක් ඉටුකිරීමට ත්‍රිවිධ හමුදා භටයින්ට හැකි විය.

ත්‍රිවිධ හමුදා විසින්  පවත්වාගෙන යනු ලබන  නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවන ලදි. 'ඉටුකම'  අරමුදල සඳහා අරමුදල් රැස්කිරීම සඳහා මාධ්‍ය ප්‍රචාර කටයුතු කරන  ලදි.  කොරෝනා වෛරසය පාලනය කිරීමේ  නියුතු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සහ ත්‍රිවාද හමුදා අංශ වලට සහයෝගය ලබා දීම, සෞඛ්‍ය ආරක්‍ෂණය සඳහා හා මහජන සෞඛ්‍යය පරීක්‍ෂකවරුන්ට සහය දැක්වීම සඳහා   බුද්ධි අංශ  පදනම් කරගත් ජාලයක් පිහිටුවීම ,වෛරසය  මර්දනය කිරීම  අරමුණු කරගත්  නවෝත්පාදන පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය සහ කොතලාවල විශ්ව විද්‍යාලය  තුලින් ඉදිරිපත් කිරීම මෙන්ම වසා  දමා ඇති ප්‍රදේශවල වෙසෙන ජනතාවට විවිධ ආධාර ලබාදීම  යන ක්‍රියාකාරකම් ඔහුගේ උපදෙස් මත  ක්‍රියාත්මක වුණි.

2020 ජුනි 02 වන දින මේජර් ජෙනරාල් ගුණරත්න මහතා ජනාධිපති කාර්ය සාධක බලකා දෙකක සභාපති ලෙස පත්කරන ලදි. ඒ අනුව, නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා උරුම කළමනාකරණය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය සහ සුරක්‍ෂිත රටක්, විනයගරුක, ගුණගරුක හා නීතිගරුක සමාජයක් ගොඩනැගීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකාය ගැසට් කරන ලදි.

නැගෙනහිර පළාතේ පුරාවිද්‍යාත්මක උරුමයන් කළමනාකරණය කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායෙහි වැඩකටයුතු ඉදිරියට ගෙන යමින් ආරක්‍ෂක ලේකම් විසින් කඩිනම්  පියවරයන් ගනිමින් දීඝවාපිය  ස්ථූප ප්‍රතිසංස්කරණය ආරම්භ කළේය. නැගෙනහිර පළාතේ අනෙකුත් පුරාවිද්‍යාත්මක උරුමයන් අතර, මුහුදු මහා විහාරය සහ ලාහුගල අබලන් වූ නීලගිරි ස්ථූපය යථා තත්ත්වයට පත් කිරීම ද  ලැයිස්තුගතව  පවතී.
 
ඒ අනුව ඔහු ඒ සඳහා දායක භාරකාර අරමුදලක් පිහිටුවා ඇති අතර ඔහුගේ මඟ පෙන්වීම යටතේ ඉදිකිරීම් ක්‍රියාවලියට ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සහාය වේ.

අනුරාධපුරයේ සඳහිරු ස්ථූප ඉදිකිරීම ද ඔහුගේ උපදෙස් පරිදි ඉදිරියට යමින් පවතින අතර ඔහු එම ස්ථානයේ නිරීක්‍ෂණ කිහිපයක්ම කර තිබේ.

මහ මැතිවරණයෙන් ජනාධිපති රාජපක්‍ෂ මහතා අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමෙන් පසු 2020 අගෝස්තු 13 වන දින මේජර් ජෙනරාල් ගුණරත්න මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් අමාත්‍යාංශයේ ආරක්‍ෂක ලේකම් ලෙස නැවත පත් කරන ලදි.

අභ්‍යන්තර ආරක්‍ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ද ඔහු වර්තමානයේ රාජකාරිවල යෙදී සිටී.

දිවයින පුරා ක්‍රියාත්මක වන පුද්ගලික ආරක්‍ෂක සේවා විධිමත් කිරීම, ඔහුගේ විෂය පථය යටතේ ගුණාත්මක ආරක්‍ෂක සේවා සැපයීම සඳහා සැලසුම් සකස් කරන ලද අතර, කඩිනම් ක්‍රියා පටිපාටියක් සකස් කරමින් ආරක්‍ෂක සේවා සපයන්නන්ගේ ලියාපදිංචි කිරීමේ සහ බලපත්‍ර අළුත් කිරීමේ ක්‍රියාවලීන් විධිමත් කිරීමට ද පියවර ගන්නා ලදි.

සයිබර් ආරක්‍ෂණ තර්ජන හා සිදුවීම් ඵලදායී ලෙස වැළැක්වීම සහ කළමනාකරණය කිරීම සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි සූදානම් කණ්ඩායම (SLCERT) සමඟ තීරණාත්මක තොරතුරු යටිතල පහසුකම් ආරක්‍ෂා කිරීම සඳහා යෝජිත සයිබර් ආරක්‍ෂණ පනතේ ගාමක බලවේගය වන්නේද  මේජර් ජෙනරාල් ගුණරත්න ය.

ඔහු පසුගිය වසර තුළ ශ්‍රී ලංකාවේ විදේශ නියෝජිතයින්, තානාපතිවරුන්, මහ කොමසාරිස්වරුන්, රාජ්‍ය නියෝජිතයින් සහ ආරක්‍ෂක උපදේශකයින් සමඟ ද්විපාර්ශවික සාකච්ඡා ගණනාවක් පවත්වා ඇති අතර, අනෙකුත් රටවල් හා ජාත්‍යන්තර සංවිධාන අතර සබඳතා වැඩි දියුණු කරමින් හොඳ සම්බන්ධතාවයක් පවත්වා ගෙන යයි.
 
කීර්තිමත් කතුවරයකු වන ඔහු, සිය 59 වන උපන්දිනයට සමගාමීව සැබෑ පාතාල කථාංග පදනම් කරගත් සිංහල නවකතාවක් වන ‘පාතාලයෝ’ සහ 'ගෝඨාභය' යන ග්‍රන්ථයේ ඉංග්‍රීසි පරිවර්තනය එළිදැක්වීමේ උත්සවය 2020 සැප්තැම්බර් 6 වන දින පැවැත්විණි.
 
ඔහු විසින් රචනා කරන ලද පොත් හත අතුරින් වඩාත්ම ප්‍රචලිත ‘රණමග ඔස්සේ නන්දිකඩාල්’ කෘතිය ‘Road to Nandikadal’ ලෙස ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර එළිදක්වන ලදි. තවද, ‘කඩොල් ඇත්තු’, ‘උත්තරා දේවි’ සහ 'ගෝඨාභය’ හි සිංහල අනුවාදය ඔහුගේ අනෙකුත් පොත් වේ.

ඔහුගේ දූරදර්ශී පියවරයන් මත අනාගත පරපුර සඳහා සුරක්‍ෂිත හා ආරක්‍ෂිත ජාතියක් ගොඩනැගීම සඳහා සැලසුම් ගණනාවක් ආරම්භ වෙමින් පවතී.