රණවිරුවන් සඳහා යුද හමුදාවෙන් නව නිවාස හතරක්

නොවැම්බර් 21, 2020

ශ්‍රී ලංකා පාබල හමුදාවේ විරෝදාර රණවිරුවන් සහ රණක්‍ෂිතයට පත් රණවිරුවන් වෙනුවෙන් එම රෙජිමේන්තුව විසින් දියත් කරනු ලබන නිවාස 20 ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය යටතේ ඉදිකිරීම් කටයුතු අවසන් කළ තවත් නිවාස හතරක යතුරු පසුගියදා භාර දෙන ලදි.

නව නිවාසලාභීන් අතර යුද්ධයේදී බරපතල ලෙස තුවාල ලැබූ රණවිරුවන් තිදෙනෙකු සහ රණක්‍ෂිතයට පත් රණවිරුවකුගේ බිරිඳක් ද වේ.

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ අධිපති මේජර් ජෙනරාල් ජයනාත් ජයවීර සහ රෙජිමේන්තුවේ උපදෙස් පරිදි දියතලාව, උහන, පරකදුව සහ මංගලගම යන ප්‍රදේශවල මෙම නිවාස ඉදිකරන ලදි.

රෙජිමේන්තු කවුන්සිලයේ සාමාජිකයින්, ප්‍රතිලාභීන්ගේ ඥාතීන්, නිලධාරීන් සහ සෙසු  නිලයන් මෙම අවස්ථාවට සම්බන්ධ විය.