සෙනසුරාදා (21) PCR පරීක්‍ෂණ 10,514 ක්

නොවැම්බර් 22, 2020

ඊයේ සවස (නොවැ. 21) දින හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් 491 ක් සමඟ දිවයිනේ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 19,771 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතුරින් පුද්ගලයින් තිදෙනෙකු ඉතාලියේ සිට ආපසු පැමිණි ශ්‍රී ලාංකිකයන් හා තුර්කියේ සිට පැමිණි තවත් විදේශිකයෙකු බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය අද (22) තහවුරු කළේය.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ පොල පොකුරට සම්බන්ධ ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 16,240 දක්වා ඉහල ‍ගොස් ඇත.

සෙනසුරාදා (21) PCR පරීක්‍ෂණ 10,514 ක් සිදුකළ බව එම මධ්‍යස්ථානය පවසයි.

පසුගිය පැය 24 තුළ රෝගීන් 9 දෙනෙකු වෛරසය හේතුවෙන් මරණයට පත්ව ඇති අතර, එම පුද්ගලයින් වැල්ලම්පිටිය, දෙමටගොඩ, කළුතර, වැල්ලවත්ත, වත්තල, කොළඹ 02, කොළඹ 10 සහ කොළඹ 13 යන ප්‍රදේශ වලින් වාර්ථා වේ .

ඒ අනුව වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ රටේ කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 83 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

අද වන විට ත්‍රිවිධ හමුදා මගින් කළමණාකරනය වන නිරෝධායන මධ්‍යස්ථාන 39 ක පුද්ගලයින් 4,193 ක් හුදෙකලා කර ඇති බව වාර්ථාවේ.