නාවික හමුදාව සහ පොලිසිය විසින් නීති විරෝධී භාණ්ඩ තොගයක් අත්අඩංගුවට ගැනේ

නොවැම්බර් 22, 2020

ශ්‍රී ලංකා නාවික හමුදාවේ උතුරු මැද නාවික විධානය සහ මන්නාරම් පොලිසිය එක්ව වියළි කහ කිලෝග්‍රෑම් 710 ක් සහ කේරළ ගංජා කිලෝග්‍රෑම් 3 යි ග්‍රෑම් 700 කට අධික ප්‍රමාණයක් හා සැකකරුවන් 02 දෙනෙකු සමඟ මන්නාරමේ එරුක්කලම්පිඩ්ඩි වෙරළ තීරයේ දී නොවැම්බර් 20 වන දින අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.

සැකකරුවන් වයස අවුරුදු 35 ක් වන එරුක්කලම්පිඩ්ඩි හි පදිංචිකරුවන් ලෙස හඳුනාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් කහ, කේරළ ගංජා සහ ඔවුන්ගේ බෝට්ටුව සමඟ සැකකරුවන් මන්නාරම් පොලිසියට භාර දී ඇත.

කොවිඩ් - 19 වසංගතය සඳහා නියම කර ඇති සෞඛ්‍යය පියවරයන්ට අනුකූලව මෙම සම්පූර්ණ මෙහෙයුම සිදු කළ බව නාවික හමුදාව පවසයි.