හුදකලාවූ ප්‍රදේශ කිහිපයක සංචරණ සීමා හෙට (23) සිට ඉවතට

නොවැම්බර් 22, 2020

කොළඹ දිස්ත්‍රික්කයේ බොරැල්ල, වැල්ලම්පිටිය, කොළඹ කොටුව සහ කොම්පඤ්ඤවීදිය යන  පොලිස් බලප්‍රදේශ සඳහා පනවා තිබූ හුදකලා තත්වය හෙට (23) පෙ.ව. 5 සිට ඉවත් කරන බව රජයේ තොරතුරු දෙපාර්තමේන්තුව පවසයි.

කොම්පඤ්ඤවීදිය පොලිස් බලප්‍රදේශයේ වෑකන්ද ග්‍රාම නිලධාරි කොට්ඨාශය සහ බොරැල්ල පොලිස් බලප්‍රදේශයේ වනාතමුල්ල යන  ග්‍රාම නිලධාරි කොට්ඨාශය හුදෙකලා ලෙස පවතින  බව නිවේදනයේ දැක්වේ.

කොළඹ දිස්ත්‍රික්කයේ මට්ටක්කුලිය, මෝදර, ග්‍රෑන්ඩ්පාස්, බ්ලූමැන්ඩල්, කොටහේන, වරාය ප්‍රදේශය, වේල්ල වීදිය, කොටුව, කෙසෙල්වත්ත, මාලිගාවත්ත, දෙමටගොඩ සහ මරදාන පොලිස් ප්‍රදේශ තවදුරටත් දැනුම් දෙන තුරු හුදකලා තත්වයේ පවතිනු ඇත.

ගම්පහ දිස්ත්‍රික්කයේ ජා-ඇල  සහ කඩවත පොලිස් ප්‍රදේශ හෙට සිට නැවත විවෘත කරන අතර, මීගමුව, වත්තල, පෑලියගොඩ, රාගම සහ කැළණිය පොලිස් ප්‍රදේශ තවදුරටත් හුදකලා තත්වයේ පවතිනු ඇත.