ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක කොළඹට පැමිණියේය

නොවැම්බර් 27, 2020

ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පැවැත්වීමට නියමිත ත්‍රෛපාර්ශ්වික සමුද්‍රීය සංවාදයක් සඳහා ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් දෝවාල් මහතා  අද කොළඹට පැමිණියේය.

ඉන්දියාව සහ මාලදිවයින සමඟ සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ 4 වන ජාතික ආරක්ෂක උපදේශක මට්ටමේ ත්‍රෛපාක්ෂික රැස්වීම සෙනසුරාදා (නොවැම්බර් 28) ශ්‍රී ලංකාවේදී පැවැත්වෙනු ඇත.

වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් අතිගරු ගෝපාල් බග්ලේ මහතා  විසින් අද ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක දෝවාල් මහතාව ගුවන්තොටුපළේදී පිළිගත්තේය.