මාලදිවයින් ආරක්ෂක ඇමතිනී කොළඹට පැමිණියාය

නොවැම්බර් 27, 2020

මාලදිවයින් ආරක්ෂක ඇමතිනී ගරු. මාරියා දීඩි මහත්මිය ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පැවැත්වීමට නියමිත ත්‍රෛපාර්ශ්වික සමුද්‍රීය සංවාදයක් සඳහා අද කොළඹට පැමිණියාය.

ඉන්දියාව සහ මාලදිවයින සමඟ සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ 4 වන ජාතික ආරක්ෂක උපදේශක මට්ටමේ ත්‍රෛපාර්ශ්වික රැස්වීම සෙනසුරාදා (නොවැම්බර් 28) ශ්‍රී ලංකාව විසින් පවත්වනු ඇත.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උලුගෙතැන්න  සහ ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස් අතිගරු  ඕමාර් අබ්දුල් රසාක්  මහතා මාලදිවයින් ආරක්ෂක ඇමතිවරිය ගුවන්තොටුපළේදී පිළිගත්තේය.