ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශකවරයා ආරක්ෂක ලේකම් හමුවෙයි

නොවැම්බර් 27, 2020

ඉන්දියාවේ ජාතික ආරක්‍ෂක උපදේශක ශ්‍රී අජිත් දෝවාල් මහතා ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා අද (නොවැ. 27) හමුවිය.

මෙම අවස්ථාවේදී ආරක්ෂක ලේකම්වරයා මෙරටට පැමිණි ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක දෝවාල් සමඟ ද්වීපාර්ශ්වික වශයෙන් වැදගත් වන සහ අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡා කළේය.

සමුද්‍රීය සහයෝගීතාව, බුද්ධි අංශ හුවමාරු කර ගැනීම, කලාපය තුළ ශක්තීන් ඉහළ නැංවීම, මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීමේ මාර්ග සහ ස්වාභාවික විපත්වලට ප්‍රතිචාර දැක්වීමේ මාර්ග වැඩිදියුණු කිරීම සඳහා සහයෝගී යාන්ත්‍රණයක් පිළිබඳව එහිදී නිලධාරීන් දෙදෙනාම තවදුරටත් සාකච්ඡා කළහ.

මේ අතර, එම්ටී නිව් ඩයමන්ඩ් නෞකාවේ ඇති වූ ගින්න මැඩපැවැත්වීම සඳහා ඉන්දීය බලධාරීන් දැක්වූ සහයෝගයට මේජර් ජෙනරාල් ගුණරත්න මහතා සිය කෘතඥතාව පළ කළේය.

ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර නොවැම්බර් 28 වන දින පැවැත්වීමට නියමිත සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ 4 වන ජාතික ආරක්ෂක උපදේශක   ත්‍රෛපාර්ශ්වික සමුළුවට සහභාගී වීම සඳහා අජිත් දෝවාල් මහතා කොළඹට පැමිණ තිබේ.

ඔහු නවදිල්ලියේ ප්‍රමුඛ පෙළේ චින්තනයක් වන විවේකානන්ද ජාත්‍යන්තර පදනමේ ආරම්භක අධ්‍යක්ෂවරයා වන අතර, ඔහු ‘ජාතික ආරක්ෂාව සහ උපායමාර්ගික අධ්‍යයන’ සම්බන්ධ ගැටළු කෙරෙහි අවධානය යොමු කරයි.

අජිත් දෝවාල් මහතාට 1989 දී කීර්ති චක්‍ර සම්මානයට පාත්‍ර වු අතර එය ඉන්දියාවේ ආරක්ෂක කටයුතු හා සම්බන්ධයෙන් වන ඉහළම සම්මානයකි.

ඔහු 2014 මැයි 30 සිට ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ජාතික ආරක්ෂක උපදේශකයා වේ.

ද්විපාර්ශ්වික සාකච්ඡාවෙන් පසුව මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා සිහිවටන හුවමාරු කර ගන්නා ලදී.