මහර බන්ධනාගාරයේ නොසන්සුන්කාරී තත්වය පාලනය

දෙසැම්බර් 01, 2020

මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් සමඟ විශේෂ ඒකාබද්ධ මෙහෙයුමක් සිදු කරන ලෙස පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා විසින් උපදෙස් දී ඇත.

බන්ධනාගාර රැඳවියන් අද දින නැවතත් මහර බන්ධනාගාර පරිශ්‍රයේ නොසන්සුන්කාරී හැසිරීමක් ආරම්භ කර ඇති බව වාර්තා විය.

ඒ අනුව, ශ්‍රී ලංකා පොලිසිය, විශේෂ කාර්ය බලකාය සහ බන්ධනාගාර නිලධාරීන් විසින් සිදුකල ඒකාබද්ධ මෙහෙයුමෙන් පසු රැඳවියන් සහ නිලධාරීන් නිරුපද්‍රිතව ආරක්ෂාකර තත්වය සාර්ථකව මැඩපවත්වා බන්ධනාගාර පාලන කටයුතු අද (දෙසැම්බර් 01)  දින මධ්‍යාහනයේදී බන්ධනාගාර බලධාරීන් වෙත භාර දෙන ලදි.