යුරෝපා සංගමයේ තානාපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි

මැයි 08, 2019

ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපති ටුන්ග් ලායි මාර්ගු (HE Mr. Tung-Lai Margue) මැතිතුමන් ප්‍රමුක යුරෝපා සංගම් නියෝජිත පිරිසක් අඟහරුවාදා (මැයි 07) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්. කෝට්ටේගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී එන්ඩිසි අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.

මෙම හමුවේ දී ආරක්‍ෂක ලේකම්තුමන් සහ යුරෝපා සංගමයේ නියෝජිත පිරිස අතර සුහදව සාකච්ඡාවක් පැවැත්වීණි. මෙම අවස්ථාව සිහිවීම සඳහා සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.

මෙම අවස්ථාවට නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා සහ යුරෝපා සංගමයේ නියෝජ්‍ය තානාපති තෝර්ස්ටන් බාර්ග්ෆ්‍රේඩ් (Mr. Thorsten Bargfrede) මහතා ද සහභාගී වූහ.