සුප්‍රසිද්ධ නවකතාකරු ගුණරත්න ඒකනායක ආරක්ෂක ලේකම් හමුවේ

දෙසැම්බර් 10, 2020

සම්මානලාභී නවකතාකරුවෙක්, ලේඛකයෙක් සහ නාට්‍ය නිෂ්පාදකයක් වන ගුණරත්න ඒකනායක මහතා ඔහු විසින් රචිත පොත් පහක් ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා වෙත අද දින (දෙසැම්බර් 10) ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති උත්සවයකදී පිළිගැන්වීය.

ඒකනායක මහතා මේ දක්වා නවකතා 100 ක් ප්‍රකාශයට පත් කර ඇති අතර ආරක්ෂක ලේකම් හමුවීම, ඔහු විසින් රචිත සියවෙනි ග්‍රන්ථය ප්‍රකාශයට පත් කිරීම සංකේතවත් කරන බව ඒකනායක මහතා පැවසීය.

'කඳවුරේ සිරකරුවෝ',  'උතුරෙන් දකුනට', 'අපේම මිනිස්සු', 'යාපනය තවමත් ඈතයි' සහ 'කඳවුරෙන් නික්මි' යන නවකතා ආරක්ෂක ලේකම් වෙත ඉදිරිපත් කරන ලද නවකතා වේ.

ඔහු නවකතා, සාහිත්‍ය, කෙටිකතා සහ ශාස්ත්‍රීය කෘති වැනි විවිධ ප්‍රභේද යටතේ පොත් රචනා කර ඇත.

මෙම හමුවීම අතරතුර ආරක්ෂක ලේකම්වරයා විසින් ඔහුගේ එක් කෘතියක් වන 'පාතාලයෝ' නම් පොත  ඒකනායක මහතාට පිළිගැන්වීය.

මෙම හමුවීමේදී මේජර් ජෙනරාල් ගුණරත්න මහතා සුප්‍රසිද්ධ නවකතාකරුවෙකු වන ඒකනායක මහතා සිය අනාගත උත්සාහයන් වෙනුවෙන් සුබ පැතුම් එක් කළේය.

Sinhala.