මහජන මුදලින් පවත්වාගෙන යනු ලබන වත්කම් සම්බන්ධයෙන් වගවිය යුතුයි - ආරක්‍ෂක ලේකම්

දෙසැම්බර් 13, 2020
  • ඔබ උසස්වීම් ලබන  තරමට ඔබ වගකීමෙන් යුතුව කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ

වැඩි වැඩියෙන් ඔබ උසස්වීම් ලබන තරමට වැඩි වැඩියෙන් ඔබ වගකීමෙන් යුතුව කටයුතු කරනු ඇතැයි අපේක්‍ෂා කරන බව ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පැවසීය.

ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් වන අතර රජය සිය ආදායමෙන් සැලකිය යුතු ප්‍රමාණයක් රටේ ආරක්‍ෂාව සඳහා නිරන්තරයෙන් වෙන්කරන අතර මහජන මුදලින් පවත්වාගෙන යනු ලබන ඔබේ වත්කම් සම්බන්ධයෙන් වගවීම ඔබේ වගකීමක් බව ඔහු පැවසීය.

ආරක්‍ෂක ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (දෙසැම්බර් 12) ත්‍රිකුණාමලයේ නාවික හා සාගරික විද්‍යාපිඨයේ පැවති නිලධාරින් විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමිනි.

නාවික හමුදාවේ ප්‍රමුඛතම ඉගෙනුම් ආයතනය වන ත්‍රිකුණාමලයේ පිහිටි නාවික හා සාගරික විද්‍යාපිඨයට පැමිණි ආරක්‍ෂක ලේකම්වරයා නාවික හමුදාපති නිෂාන්ත උළුගෙතැන්න විසින් සම්ප්‍රදායානුකූලව සම්මාන පෙළපාලියක් පවත්වමින්  පිළිගන්නා ලදි.

ප්‍රධාන ආරාධිත අමුත්තා සමඟ නාවික හමුදාපති වයිස් අද්මිරාල් උළුගෙතැන්න සහ නාවික හා සාගරික විද්‍යාපිඨයේ කොමදෝරු ධම්මික කුමාර පෙළපාළි පරීක්ෂාවන් සඳහා සහභාගී විය.

එහිදී අංක 61 කෙඩෙට් නිළධාරී පාඨමාලාව හා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ අංක 35 යන පාඨමාලා වල කෙඩෙට් නිළධාරීන් 62 ක් අධිකාරියට පත් කෙරුණි.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ මධ්‍ය නිලධාරි ඒ.කේ.එස් පෙරේරා සහ නාවික හා සාගරික විද්‍යාපිඨයේ මධ්‍ය නිලධාරි කේ.වී.ආර් කරුණාරත්න පාඨමාලා දෙකෙහි විශිෂ්ඨතම මධ්‍ය නිලධාරින් සඳහා වන කුසලතා මේජර් ජෙනරාල් ගුණරත්න අතින් ලබා ගත්හ.

හොඳම ක්‍රීඩකයා සහ හොඳම වෙඩික්කරුට හිමි සම්මාන පිළිවෙලින් නාවික හා සාගරික විද්‍යාපිඨයේ මධ්‍ය නිලධාරි ඒ.එච්.ජි.සී ද සිල්වා හා මධ්‍ය නිලධාරි ආර්.පී.එල් ද සිල්වා ලබාගත් අතර කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ මධ්‍ය නිලධාරි ඒ.එච්.ටි.ටි තාරුක හා මධ්‍ය  නිලධාරි ඉමේෂක එම සම්මාන ලබා ගත්හ.

මේ අතර,  නාවික විෂයයන්, වෘත්තීය විෂයයන් සහ සමස්ථ විෂයයන් සඳහා ‘ඉහළම ලකුණු’ සඳහා වන කුසලානය මධ්‍ය නිලධාරි පී.වී. කුලසිංහ දිනාගන්නා ලදි.

නිලධාරීන්ගේ විසිරයාමේ පෙළපාළිය නාවික හා සාගරික විද්‍යාපිඨයේ වැදගත් සිදුවීමකි. සාර්ථක නාවික පුහුණුව අවසන් වූ පසු, අභ්‍යාසලාභී නිලධාරින් ජනාධිපතිවරයා විසින් නම් කරනු ලබන සම්භාවනීය ආරාධිතයෙකු සහ දේශීය හා විදේශීය සම්භාවනීය අමුත්තන් ඉදිරියේ ආකර්ෂණීය නාවික පෙළපාලියක් තුළින් විසිර යනු ලැබේ. මෙම උත්කර්ෂවත් උත්සවයේදී  රාජකීය නාවික සම්ප්‍රදායන් සහ සරඹ අනුගමනය කරනු ලැබේ.

සමගිය ආරක්ෂා කිරීමේ වැදගත්කම පිළිබඳව අධිකාරි ලත් නාවික නිලධාරීන් අමතමින් තවදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, “අපේ මාතෘ භූමිය බහුමාන හා සාම්ප්‍රදායික නොවන තර්ජන වලින් ආරක්ෂා කිරීමට පමණක් නොව, සමාජයේ සාමය හා ජනවාර්ගික සමගිය ආරක්ෂා කිරීමටද ඔබ වගකිව යුතුය.”යනන්යි.

“ජාතිය කෙරෙහි ඔබ දක්වන පක්ෂපාතිත්වය කිසිවිටෙකත් ප්‍රශ්න නොකළ යුතු අතර සිවිල් නීතියට අමතරව ඔබ කීකරුවීමට බැඳී සිටින නාවික හමුදා නීතිරීතිවලට ගරු කිරීම අනිවාර්ය වේ.” ඔහු තවදුරටත් පැවසීය.

ගෝලීය වැරදි වැටහීම් මත මෙහෙයවනු ලබන අන්තවාදී හා රැඩිකල්කරණයේ සාම්ප්‍රදායික නොවන අභියෝගයන්ට එරෙහිව සටන් කිරීම සඳහා මෑතකදී රටට මුහුණදීමට සිදුවූ අවස්ථාවලදී නාවික හමුදාව ලබාදුන් සහයට සමාන හෝ ඊටත් වඩා කැපවීමක් අපේක්ෂා කරන බව ඔහු සිහිපත් කළේය.

“කිසියම් තර්ජනයක් මධ්‍යයේ රටක ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීමේ අභියෝගය රටක සන්නද්ධ හමුදාවන්ට පැවරී ඇත.රට පුරා සුරක්ෂිත සාගරයක් සහතික කිරීමේ වගකීම නාවික හමුදාවට විශේෂයෙන් පැවරී ඇත”, නාවික රාජකාරිය පිළිබඳ හැඟීම සහ දූපත් රාජ්‍යයකට ඇති බැඳීම ගැන පැහැදිලි කරමින් ඔහු පැවසීය.

කුරිරු ත්‍රස්තවාදයට එරෙහි දශක තුනක දීර්ඝ යුද්ධය තුළ ආරක්ෂිත මුහුදක් සහතික කිරීම සඳහා සතුරා ඉදිරියේ නිර්භීතව සටන් කිරීම හා සතුරාගේ පැවැත්ම වළක්වා ගැනීම මෙන්ම “නාවික හමුදාව විසින් කරනු ලබන සේවය අතිශයින් ප්‍රශංසනීය වන අතර එය සදහටම අගය කරනු ඇත” ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 70 ක විශ්වාසනීය නාවික විශිෂ්ටත්වය අගයමින් මේජර් ජෙනරාල් ගුණරත්න මහතා පැවසීය.

සිය ජීවිත පරිත්‍යාග කල අතිවිශිෂ්ඨ සොල්දාදුවන් සහ ආබාධිත වූවන් පිළිබඳව විශේෂ සඳහනක් කළ ඔහු, “අද, හෙට සහ සෑම විටම ඔවුන් අපට හෙට දවසක් ලබාදීමට කළ කැපකිරීම් වෙනුවෙන් අපගේ  ගෞරවය හිමිවිය යුතුයි” ලෙස පැවසීය.

“අතීතයේ දී රටක් වශයෙන් අපට මුහුණදීමට සිදු වූ දුෂ්කර කාලයේ - ත්‍රස්තවාදයෙන් තොර රටක්- වන ජාතියේ වඩාත්ම අපේක්‍ෂිත අභිලාෂය සාක්ෂාත් කර ගැනීම සඳහා ඔබේ පූර්වගාමීන් විසින් ඔවුන්ගේ තරුණ කාලය කැප කිරීමෙන් කරන ලද මෙහෙය ගැන මෙනෙහි කිරීම අතිශයින්ම වැදගත් ය,”  යනුවෙන් නව  නිලධාරීන් අමතමින් මෑත අතීතයේ දුෂ්කර කාලය සිහිපත් කරමින් ආරක්ෂක ලේකම් පැවසීය.

හමුදා නායකත්වයේ ආචාර ධාර්මික අංගයන් සහ අඛණ්ඩතාව, වෘත්තීයභාවය සහ සංවේදනය වැනි චරිත මූලධර්මයන් සැමවිටම මතක තබා ගත යුතු අතර නායකත්වය අවබෝධ කර ගැනීමේ ආචාර ධර්ම ඔබේ චරිතය වර්ධනය කර ගැනීම සඳහා ඔබට වැදගත් වන බව ඔහු අවධාරණය කළේය.

“හමුදා නායකයා ඔහුගේ චරිතය තුළ සංවේදනය සහ ඔහුගේ අනුගාමිකයන්ගේ හෘද ස්පන්දනය අවබෝධ කර ගැනීමෙන් සෑමවිටම ආදර්ශමත්ව නායකත්වය දෙනු ඇතැයි අපේක්ෂා කරනවා” යැයි ආරක්ෂක ලේකම් ප්‍රකාශ කළේය.

සතුරාට එරෙහි ජයග්‍රහණය සහ පරාජය අතර තීරණාත්මක සාධකය වන එක් වේදිකාවක නිලධාරීන් සහ නාවිකයින් අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධ වන වෙනත් සටන්වලට වඩා නාවික ගැටුම් වෙනස් වන ලක්ෂණ සඳහන් කරමින් ඔහු මෙසේ පැවසීය. “නෞකාවට අණදෙන නිලධාරීන්ට හොඳම දේ තිබිය යුතුය ඔවුන්ගේ සගයන්ගේ  හැකියාවන් සහ දුර්වලතා පිළිබඳ දැනුම, ඒවා නොමැති වීමෙන් විනාශකාරී ප්‍රතිවිපාක ගෙන එනු ඇත.”

ඔහු තවදුරටත් පැවසුවේ  “ඔබේ සගයන්  සමඟ කටයුතු කිරීම සහ ඔවුන්ගේ මනස අවබෝධ කර ගැනීම අවසානයේදී ඔබ ගෞරවය උපයා ගන්නා හොඳ නායකයෙකු බවට පත්වනු ඇත”යනුවෙනි. කුණාටු සහිත කාලගුණික තත්ත්වයන් මධ්‍යයේ මෙම තේජාන්විත සංවිධානය මෙහෙයවීමට අපේක්‍ෂා කරන තරුණ නායකයින් අමතමින් ඔහු පැවසුවේ “බහුමානීය කාර්යයන් සඳහා ඔබේ හැකියාවන් විසුරුවා හැරීමේ හැකියාව වර්ධනය කිරීමට ඔබ උනන්දු විය යුතු” බවයි. “ඔබේ අභිවෘද්ධිය සහ වෘත්තීයභාවය වැඩි දියුණු කිරීම සඳහා ආශීර්වාදයක් ලෙස ඔබට ලැබෙන ඕනෑම අවස්ථාවක් ග්‍රහණය කර ගැනීමට ඔබ සිහියෙන් සිටිය යුතුය” යැයි තවදුරටත් ඔහු පැවසීය.

ඔබ තරුණ වියේදී ලබා දෙන අවධානය සහ ලබාගන්නා දේ අනාගතයේ දී විශාල සටනකට ඔබව සූදානම් කරනු ඇතැයි ඔහු පැවසීය.

නවීන පද්ධති සමඟ ඒකාබද්ධ වී මෑතකදී අත්පත් කරගත් විශාල යාත්‍රා සහ නාවික හමුදාවේ ව්‍යාප්තිය ඇතුළු නාවික හමුදාවේ සහ ශිල්පයේ විවිධත්වය සඳහන් කරමින් “රට වටා  ආරක්ෂිත සාගරයක්  සහතික කිරීම සඳහා එම සම්පත් ප්‍රශස්ථ ලෙස භාවිතා කිරීම සඳහා ඔවුන්ට අණදෙන අයගෙන් උපරිම ප්‍රමිතීන් දක්වා වෘත්තීය නිපුණතාවය අවශ්‍ය වනු ඇත” ඔහු පැවසීය.

“ඔබ වෘත්තීමය වශයෙන් නිපුණතාවයක් ඇති කර ගැනීම ඔබට ලබා ගත හැකි සෑම අවස්ථාවක්ම ලබා ගැනීමට ඔබව දිරිමත් කරනු ලබන අතර, එමඟින් වෘත්තීයමය වශයෙන් ජාතියට සේවය කිරීමට ඔබට අවස්ථාව ලැබෙනු ඇත” තවදුරටත් ඔහු පැවසීය.

මෙම තරුණ නිලධාරීන් පුහුණුකිරිමේදී  සහ ශ්‍රී ලංකාවේ මුහුද ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය වෘත්තීය කුසලතාවන්ගෙන් ඔවුන්ව පෝෂණය කිරීම පිළිබඳව නාවික හමුදාපති, ශ්‍රීමත් ජෝන් කොතලාවල  ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති සහ කාර්ය මණ්ඩලයට ආරක්ෂක ලේකම්වරයා සිය අවංක ප්‍රණාමය  ප්‍රකාශ කළේය.

ආරක්ෂක අමාත්‍යංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී  චිත්‍රානි ගුණරත්න, අතිරේක ලේකම් (ආරක්‍ෂක) පීබීඑස්සී නොනිස්, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් කපිල සමරවීර, ත්‍රිකුණාමලය ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති, ජ්‍යෙෂ්ඨ  හමුදා නිලධාරීන්, ආරාධිතයින් සහ ඔවුන්ගේ දෙමාපියන් මෙම වර්ණවත් උත්සවයට සහභාගී වූහ.