රටේ සෑම නිවසකටම ‘මහජන සෞඛ්‍යය නිලධාරිවරයකු’ සහ ‘පවුල් සෞඛ්‍යය නිලධාරිනියක’ සිටීම වාසනාවකි - ආරක්ෂක ලේකම්

දෙසැම්බර් 19, 2020
  • මහජන සෞඛ්‍යය නිලධාරිගේ වැදගත්කම රටේ ජනතාවට දැනුණි
  • වසංගතයට එරෙහිව සටන් කිරීම සදහා ඇති ප්‍රධාන සාධකය වන්නේ ‘පුද්ගලික වගකීම’ ය
  • දිසාපතිවරු/ප්‍රාදේශීය ලේකම්වරු සහ ග්‍රාම නිලධාරින් විසින් කරන ලද විශිෂ්ට සේවාව ඉතාමත් ඵලදායී වේ
  • අදාළ රාජ්‍ය සංවිධාන වල එකමුතුව ඵලදායී විය
  • වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා වගකීමෙන් යුතුව කටයුතු කරන්න

රටේ සෑම නිවසකටම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු සහ පවුල් සෞඛ්‍යය නිලධාරිනියක් සිටීම ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප ලද භාගයක් බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා පැවසීය.

සමස්ත ක්‍රියාවලිය පුරාම ඔවුන් ප්‍රශංසනීය කාර්යයක් ඉටු කළ අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ  ඇති වැදගත්කම රටේ ජනතාවට දැනුණු සහ තේරුම් ගත් පළමු අවස්ථාව මෙය බව ඔහු පැවසීය.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ කාර්යභාරය පිළිබඳව විශේෂයෙන්  සඳහන් කරමින් ඔහු කියා සිටියේ, “ඔවුන්ගේ උත්සාහයට වෛද්‍යවරුන්ගේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලයෙන් ඉතා කාර්යක්ෂම සහයෝගයක් ලැබී ඇත” යනුවෙනි.

දැනට ක්‍රියාත්මක වෙමින් පවතින නව වසංගතයේ දෙවන රැල්ල පිළිබඳව අවධානය යොමු කරමින් වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙසත්, මෙම වසංගතයට සාර්ථකව මුහුණ දීම සඳහා 'පුද්ගලික වගකීම' පිලිබදව ප්‍රධාන අවධානය යොමු කරන ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

COVID - 19 වසංගතය පිළිබඳව කරන ලද පර්යේෂණය මගින් ලබාගත් සොයාගැනීම් පිලිබදව කෙඩෙට් නිලධාරීන් විසින් දෙසැම්බර් 18 දා සිදුකල ඉදිරිපත් කිරීමට අදහස් දක්වමින් කෙඩෙට් නිලධාරීන්ට සහ ශ්‍රී ලංකා යුධ හමුදා විද්‍යාපීඨයේ කාර්ය මණ්ඩලයට වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා රජය විසින් අනුගමනය කරනු ලබන ක්‍රියා පටිපාටිය පිලිබදව ආරක්ෂක ලේකම්වරයා විසින් දැනුවත් කරන ලදී.

“ඔබ සැවොම දන්නා පරිදි, COVID 19 මුළු ලෝකයම නසන්න සමත් වසංගතයකි” යනුවෙන් ඔහු පැවසීය. මෙම වසංගතයට ප්‍රධාන බලවතුන් ද තැතිගෙන සිටින එවැනි සන්දර්භයක් තුළ  වසංගතයේ පළමු රැල්ල මැඩපැවැත්වීම සදහා ඉතා සාර්ථකව සටන්කිරීමට ශ්‍රී ලාංකිකයන් වන අපිට හැකිවූ බව ඔහු සිහිපත් කළේය.

වසංගතය ආරම්භයේදීම පැතිරීම වැලැක්වීම සඳහා අප කෙතරම් සාර්ථකද යන්න තවදුරටත් සිහිපත් කරමින් ඔහු මෙසේ පැවසීය. “මෙම වසංගතය ජනතාව සහ වෛරසය අතර තරඟයක් ලෙස සලකන්න; වෛරසය පළමුව ළඟා වුවහොත් එය විපතක් බවට පත්වනු ඇත, නමුත් අප පළමුව ළඟා වුවහොත්, එය පැතිරීම පාලනය කිරීමට අපට පියවර ගත හැකිය”.

වසංගතය පැතිරෙන ප්‍රදේශ හදුනාගැනීම සදහා බුද්ධි අංශ විසින් ගෙන ඇති පියවර සහ වසංගතය පැතිරීමට පෙර පාලනය කිරීමට අපට හැකි වූයේ කෙසේද යන්න විස්තර කරමින් මේජර් ජෙනරාල් ගුණරත්න මහතා පැවසුවේ “වෛරසය වැළඳිය හැකි ප්‍රදේශ හඳුනා ගැනීමෙන් පසුව අපි ඒ සඳහා ක්‍රියාත්මක වන ලදී. “පසුව, එවැනි ප්‍රදේශ වසා දැමීමට පියවර ගැනීම හෝ වෛරසය මර්දනය කිරීම සඳහා ආසාදිත ප්‍රදේශ හුදකලා කිරීමේ ක්‍රමය අනුගමනය කරන ලදි.

පළමු රැල්ල අතරතුර ශ්‍රී ලංකා නාවික හමුදාව තුළ වෛරසය පැතිරීම ගැන සදහන් කරමින් ඔහු කියා සිටියේ, “එකවර නැවියන් 850 ක් පමණ ආසාදනය වී තිබු අතර, වහාම ක්‍රියාත්මක වන පරිදි නාවික හමුදා කඳවුර පාලනය කිරීමට අපි කඩිනම් පියවර ගත්තා” යැයි පැවසීය. තව දුරටත් වෛරසය පැතිරීම මැඩපැවැත්වීම සඳහා නිවාඩු ලබා සිටි අය ද නැවත කැඳවන ලදී.

වෛරසය පැතිරීම හදුනාගැනීම සඳහා බුද්ධි අංශ යෙදවීම පිළිබඳව පැහැදිලි කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂක සහ කාර්ය මණ්ඩලයට සිය කෘතඥතාව පළ කරමින් ඔහු මෙසේ පැවසීය. “අපගේ ඉලක්කය වූයේ පළමු සම්බන්ධතා හඳුනාගෙන ඒවා පාලනය කර ගැනීම පමණක් නොව, 5 වෙනි හෝ 6 වෙනි සම්බන්ධතා පවා හදුනාගෙන එය  පාලනය කිරීමයි. ආශ්‍රිතයින් හදුනාගැනීමේ ක්‍රමවේදය භාවිතා කරමින් ආසාධිතයන් හදුනාගෙන පසුව ආසාධිතයින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යැවීමෙන් මෙම වසංගතය ජය ගැනීමට සමත් විය.”  

වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා අදාළ සියලු සම්පත් ඒකාබද්ධ කිරීමට රජය ගෙන ඇති පියවර අගය කරමින් ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ ජාතික ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය වැනි අමාත්‍යාංශ ඇතුළු ආරක්ෂක අමාත්‍යාංශය වටා ඇති සියලුම සම්පත් ඒකාබද්ධ කිරීමට අපට හැකි වූ බවත් මෙහිදී පළාත් සභා සහ පළාත් පාලන ආයතන  ඉතා ඵලදායී වූ බවත්ය.

COVID -19 වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති, ගුවන් හා නාවික හමුදාපතිවරුන්, සේනාංකාධිපතිවරුන්, නිරෝධායන මධ්‍යස්ථාන පාලනය කරන නිලධාරීන් සහ හමුදා වෛද්‍ය  නිලධාරීන්ගේ සහාය ඇතිව සිදුකරන ලද යාන්ත්‍රණය ආරක්ෂක ලේකම් විසින් අගයන ලදී.  මෙම ක්‍රියාවලියේදී කටයුතු කළ රියදුරන් සහ සහායකයින් වැනි සුළු පරිපාලන  රාජකාරිවල නියුතු නිලධාරීන් සහ අනෙකුත් මධ්‍යම නිලයන්, සියලු නිලධාරීන් සහ අනෙකුත් නිලයන්ගේ සේවය අගයමින් ඔහු මෙසේ පැවසීය. “කොරෝනා වසංගතයට එරෙහි අපගේ සටන මේ සියලු පුද්ගලයින්ගේ උත්සාහයක් වන අතර මෙම උත්සාහය අපි සැමවිටම අගය කළ යුතුයි”.

රටෙන් වෛරසය තුරන් කිරීමට යම් කාලයක් ගතවනු ඇති බැවින්, මේජර් ජෙනරාල් ගුණරත්න මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ වෛද්‍යමය තොරතුරු කිසිවක් සඟවා තබා නොගන්නා ලෙසත් ප්‍රජා රැස්වීම්වලින් වැළකී නිවසේ රැඳී සිටිමින්  වැඩිහිටියන් සහ බෝ නොවන රෝගවලින් පෙළෙන අයට විශේෂ අවධානයක් යොමු කර සිටින ලෙසය.

වෛරස් තර්ජනයට මුහුණදීමේදී ප්‍රජාව අතර ඇති වන පීඩනය අවබෝධ කරගත් රජය  ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ත්‍රිවිධ හමුදාවන් හා සෞඛ්‍ය අමාත්‍යාංශය හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවෙන් වෛරසය තුරන් කිරීමට හැකි සෑම පියවරක්ම ගෙන තිබේ.